දිනසේන රතුගමගේ
යාපනයේ චාවාකච්චේරී තනන්කිලප්පු ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොයමට දළඹුවකු හා කෘමියෙකු බෝවීම නිසා මේ වන විට එම පළාත්වල කුඹුරු අක්කර විසි දහසකට අධික ප්‍රමාණයක් විනාශ වී ගොස් තිබේ.
චාවාකච්චේරී කෘෂි නිලධාරීන් අදාල ක්ෂේත්‍රයට ගොස් මෙම උවදුර පිළිබදව මූලික පරීක්ෂණ අරඹා ඇති අතර ඔවුන් විසින් ගොයමට හානි කරණ ලද කෘමියා පිට සූදු තණ පෙත්තා ලෙසට හඳුණා ගෙන ඇතත් අළුතින් බෝවී සිටින දළඹුවා මෙතෙක් හඳුනා ගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෘමි විශේෂඥ පිරිසක් කොළඹ සිට යාපනයට පැමිණීමට නියමිතව තිබේ.
එම විශේෂඥයින් චාවාකච්චේරී ප්‍රදේශයේ හානි වී ඇති ගොයම නිරීක්ෂණය කොට එම ගොයමට හානි කරණ කෘමියා හා දළඹුවා නිශ්චය ලෙස හඳුනාගෙන ඒ සඳහා යෙදිය යුතු ප්‍රතිකර්ම ගොවීන්ට හඳුන්වා දීමට නියමිතය.
යාපනයේ ගොවීන් මෙම දළඹුවා හා කෘමියා විනාශ කිරීමට බොහෝ රසායන ද්‍රව්‍ය යොදා ඇතත් ඉන් කිසිදු පලක් වී නොමැත.
ගොවීන් විශ්වාස කරන්නේ මෙම කෘමියා හා දළඹුවා බිතතර වී සමග තම ගොයමට බෝවී ඇති බවයි.