බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුසගින්නේ අධාර පතා එන ගාසා වැසියන් ඝාතනය කරන ඊශ්‍රයාල අමනුස්සකම හෙළා දකින්නට එක්සත් රාජධානිය අතුළු රටවල් 27ක් එක් වෙති…

by editor
ජූලි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් රාජධානිය සහ තවත් රටවල් 27 ක් ගාසා තීරයේ යුද්ධය වහාම අවසන් කරන ලෙස ඉල්ලා තිබේ. එල්ලවන ඊශ්‍රයාල ප්‍රහාර සමග සිවිල් වැසියන්ගේ දුක් වේදනා බිහිසුණු ගැඹුරක ඇත් මරණීය අඳුරක් වෙත ළඟා වී ඇති බව ඔවුහු පවසති.

ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් ජාතීන් 27 ප්‍රකාශ කරන්නේ ආහාර සහ ජලය සොයන වැසියන් වෙනුවෙන් ” බිඳිති සේ ආධාර ලබා දීම සහ සිවිල් වැසියන් අමානුෂික ලෙස ඝාතනය කිරීම” ලෙස පෙනෙන ඊශ්‍රායලයේ ආධාර බෙදා හැරීමේ ආකෘතිය භයානක සහ ගර්හාකටයුතු බවය.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ සති අන්තයේ ආහාර බලාපොරොත්තුවෙන් සිටියදී ඊශ්‍රායල වෙඩි තැබීමෙන් පලස්තීනුවන් 100 කට වැඩි පිරිසක් මිය ගිය බවත්, මන්දපෝෂණය හේතුවෙන් තවත් 19 දෙනෙකු මිය ගිය බවත්ය.

Gaza-Khan-Younisඊශ්‍රායාල විදේශ අමාත්‍යාංශය එම රටවල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය “යථාර්ථයෙන් විසන්ධි වී ඇති අතර හමාස් වෙත වැරදි පණිවිඩයක් යවන” බවයි.

නව සටන් විරාමයකට සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමකට එකඟ වීමට වඩා, බොරු පතුරුවා හැරීම සහ ආධාර බෙදා හැරීම අඩපණ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය සන්නද්ධ කණ්ඩායමට චෝදනා කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ වසරේ ගාසා තීරයට අමතර පවුම් මිලියන 40 ක මානුෂීය ආධාරයක් ප්‍රකාශයට පත් කරමින් ලැමී පැවසුවේ තමා “ඊශ්‍රායලයේ ආරක්ෂාව සහ එහි පැවැත්මේ අයිතියට ස්ථිර ආධාරකරුවෙකු” බවයි. නමුත් රජයේ ක්‍රියාමාර්ග “ලෝකයේ ඊශ්‍රායලයේ කීර්ති නාමයට කිව නොහැකි තරම් හානියක් සිදු කරමින් ඊශ්‍රායලයේ දිගුකාලීන ආරක්ෂාව අඩපණ කරමින්” ඇතැයි ඔහු කීවේය.

මැයි මාසයේ සිට ආහාර සඳහා බලා සිටියදී පලස්තීනුවන් මිය ගිය බවට දිනපතාම පාහේ වාර්තා වී තිබේ, ඊශ්‍රායලය ගාසා තීරයට ආධාර සැපයීම සඳහා සති 11 ක සම්පූර්ණ අවහිරයක් අර්ධ වශයෙන් ලිහිල් කර එක්සත් ජනපදය සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ පවතින ආධාර බෙදා දීමේ එකම මග වසා දැමුවේය.

ගාසා මානුෂීය පදනම –

එසේ කර ගාසා මානුෂීය පදනම (GHF) ලෙසින් පවත්වාගෙන යනු ලබන නව ආධාර පද්ධතියක් ස්ථාපිත කරීමට අධාර කළේය.

ඊශ්‍රායලය පවසා ඇත්තේ ඊශ්‍රායල හමුදා කලාප තුළ ඇති ස්ථානවලින් ආහාර පාර්සල් බෙදා හැරී සඳහා ගාසා මානුෂීය පදනමෙහි එක්සත් ජනපද පෞද්ගලික ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් භාවිතා කරන බවය. එම පද්ධතිය හමාස් සංවිධානය විසින් සිදුකරන සැපයුම් සොරකම් කිරීම වළක්වන බව ද ඊශ්‍රයාලය පැහැදිලි කළේය.

කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි හවුල්කරුවන් ගාසා මානුෂීය පදනමේ සැපයුම් පද්ධතිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර ඇත. එම වැඩසටහන අනාරක්ෂිත බවත් අපක්ෂපාතීත්වය, මධ්‍යස්ථභාවය සහ ස්වාධීනත්වය පිළිබඳ මානුෂීය මූලධර්ම උල්ලංඝනය කරන බවත් එක්සත් ජාතීන් සහ එහි හවුල්කරුවෝ ඍජුව පවසති.

gaza

පසුගිය අඟහරුවාදා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පැවසුවේ සති අටකට පෙර ගාසා මානුෂීය පදනමෙහි ආධාර මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීමට පටන් ගත් දා සිට එම ප්‍රදේශ ආශ්‍රිතව ඝාතන 674ක් වාර්තා වී ඇති බවය. එක්සත් ජාතීන්ගේ සහ අනෙකුත් ආධාර රථ පෙළවල් ගමන් කරන මාර්ග ඔස්සේ තවත් ඝාතන 201ක් වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය තවදුරටත් පැවසීය.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, සෙනසුරාදා, ඛාන් යුනිස් සහ ඒ අසල රෆා හි ගාසා මානුෂීය පදනමේ මධ්‍යස්ථාන දෙකක් අසල තවත් 39 දෙනෙකු මිය ගියහ.

ඊශ්‍රයාල හමුදාව පැවසුවේ අධාර මධ්‍යස්ථාන විවෘත කිරීමට පෙර “සැකකරුවන්” ලෙස ඔවුන් හැඳින්වූ අසරණ මිනිසුන් ඔවුන් වෙත ළඟා වීම වැළැක්වීම සඳහා තම හමුදා අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බවය. අවසානයේ පුද්ගලයින් 39ක් මරා දමා ඇත්තේ ඒ අනතුරු ඇඟවීමේ වෙඩිවලිනි.

ඉරිදා, උතුරු ගාසා තීරයේ හරස් මාර්ගයක් අසල එක්සත් ජාතීන්ගේ ආධාර ලොරි රථ පෙළක් දෙසට ගමන් කරමින් සිටි අසරණ මිනිසුන් 67 දෙනෙකු මිය ගිය බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. ඊශ්‍රයාලය කීවේ “ක්ෂණික තර්ජනයක් ඉවත් කිරීම සඳහා” තම භට පිරිස් සමූහයකට අනතුරු ඇඟවීමේ වෙඩි තැබූ බවය. ඒ උගේ අනතුරු ඇඟවීමේ වෙඩි සමූහ ඝාතනයක් සිදුකර තිබිණි. 67ක් මිය ගියහ. ඊශ්‍රායල හමුදාව මියගිය සංඛ්‍යාව පිළිබඳව විවාද කළේය.

ලෝක අහාර වැඩසටහනේ අනතුරු ඇඟවීම

සිද්ධියෙන් පසු, ලෝක ආහාර වැඩසටහන ගාසා තීරයේ කුසගින්නේ අර්බුදය අතිශය ගැඹුරු මානුෂීය ඛේදවාචකයක් බවට අනතුරු ඇඟවීය.

“මානුෂීය ආධාර නොමැතිකම නිසා මිනිසුන් මිය යමින් සිටිති. මන්දපෝෂණය ඉහළ යමින් පවතින අතර හදිසි ප්‍රතිකාර අවශ්‍ය කාන්තාවන් සහ ළමුන් 90,000 ක් සිටී,” එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පැවසීය.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා පැවසුවේ සෙනසුරාදා සිට මන්දපෝෂණය හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඉදිරි දිනවලදී “සමූහ මරණ” සිදුවිය හැකි බවට අනතුරු ඇඟවූ බවත්ය.

“රෝහල්වලට තවදුරටත් රෝගීන්ට හෝ කාර්ය මණ්ඩලයට ආහාර සැපයිය නොහැකි අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අධික කුසගින්න හේතුවෙන් ක්ලාන්තව වැඩ කිරීමට නොහැකි තත්ත්වයක සිටී.” ඩෙයර් අල්-බාලාහි අල්-අක්සා රෝහලේ ප්‍රකාශක වෛද්‍ය කලීල් අල්-ඩක්රාන් බීබීසීයට පවසා තිබිණි.

“කුසගින්නෙන් පෙළෙන දරුවන්ට එක කිරි බෝතලයක්වත් ලබා දිය නොහැකියි. මන්ද සියලුම ළදරු කිරිපිටි වෙළඳපොළෙන් අවසන් වී ඇති නිසා,” ඔහු තවදුරටත් පැවසීය.

ආහාර හිඟය හේතුවෙන් වෙළඳපොළවල් වසා දමා ඇති බව පදිංචිකරුවෝ ද වාර්තා කළහ.

“මගේ ළමයි රෑ පුරාම බඩගින්නේ ඉඳලා අඬනවා. පහුගිය දවස් තුනේම පොඩි පරිප්පු පිඟානක් විතරයි කෑවේ. පාන් නෑ. පිටි කිලෝග්‍රෑමයක් සතියකට කලින් ඩොලර් 80 (පවුම් 59)ක් වුණා,” කොණ්ඩා කපන්නෙකු සහ දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන මොහොමඩ් එමාඩ් අල්-ඩින් බීබීසීයට පැවසීය.

භයානක ගැටුම නවත්වන්න… රටවල් 27 ඉල්ලීම

රටවල් 27 ක ප්‍රකාශයේ සඳහන් වන්නේ ගාසා තීරයේ මිලියන 2.1 ක් පමණ ජීවත් වන මුළු ජනතාවම දකුණු රෆා ප්‍රදේශයේ ඊනියා “මානුෂීය නගරයක්” ලෙස හඳුන්වන ස්ථානයකට ගෙන යාම සඳහා ඊශ්‍රායල යෝජනා පිළිගත නොහැකිබව අවධාරණය කරන්නේ “ස්ථිර බලහත්කාරයෙන් අවතැන් වීම ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක්” බව සඳහන් කරමිනි.

“ක්ෂණික, කොන්දේසි විරහිත සහ ස්ථිර සටන් විරාමයක් හරහා මෙම භයානක ගැටුම අවසන් කරන ලෙස” ඔවුහු සිය ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඊශ්‍රායලය, හමාස් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිති.

“ක්ෂණික සටන් විරාමයකට සහ ආරක්ෂාව සහ සාමය සඳහා දේශපාලන මාවතකට සහාය දැක්වීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්” බව මෙම ඒකාබද්ධ ප්‍රකාශයෙන් ජාතීන් 27 අවධාරණය කර තිබේ

ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඔරෙන් මාර්මෝර්ස්ටයින් ඒකාබද්ධ ප්‍රකාශනයෙන් සිදුකරන මෙම විවේචන ප්‍රතික්ෂේප කර ඇත.

“සියලුම ප්‍රකාශ සහ සියලු හිමිකම් යොමු කළ යුත්තේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ සටන් විරාමයක් සඳහා ගිවිසුමක් නොමැතිකමට වගකිව යුතු එකම පාර්ශවය වෙත ය: මෙම යුද්ධය ආරම්භ කර එය දිගු කරමින් සිටින හමාස්ය.” ඔහු පැවසීය.

“සටන් විරාමයකට එකඟ වීම වෙනුවට, හමාස් ඊශ්‍රායලය පිළිබඳ බොරු පතුරුවා හැරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ සමඟම මානුෂීය ආධාර ලබා ගැනීමට පැමිණෙන සිවිල් වැසියන්ට හානිය වැඩි කිරීමට හමාස් හිතාමතාම ක්‍රියා කරයි,” ඔහු තවදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් සිසුවෙක් කැලෑ බද ඉඩමක තිබී සොයා ගත් අත් බෝම්බයක් බෝලයක් යැයි සිතා ගලවන්න හදලා… දරුවා අනූ නවයෙන් බේරෙයි!

Next Post

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.