ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු මහලේකම් ධුරයට කුෂානි රෝහණධීර පත් කර තිබෙි.
කුෂානි රෝහණධීර වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරිය ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව 2023 මැයි 23 දින සිට කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු මහලේකම් තනතුරට පත් කර තිබේ.
මේතෙක් පාර්ලිමේන්තු මහලේකම් ධූරය දැරුවේ ධම්මික දිසානායක මහතා වන අතර රෝහණධීර මහත්මිය මෙම තනතුරට පත්වූ දෙවන තාන්තාව ලෙස පාර්ලිමේන්තු ඉතිහාසයට එක්වෙයි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන කුෂාණි රෝහණධීර මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරිනියකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ද සමත් ඇය ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥ විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධීකරණයේ නීතිඥවරියක ලෙස දිවුරුම් දී ඇත.
1999 දී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක් වූ ඇය, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ විවිධ දෙපාර්තමේන්තු සහ කාර්යාංශ ගණනාවක සහකාර ප්‍රධාන නිලධාරි සහ නියෝජ්‍ය ප්‍රධාන නිලධාරි තනතුරුවල කටයුතු කර ඇත.
කුෂාණි රෝහණධීර මහත්මිය 2012 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ලෙස පත්වූ අතර, 2020 දෙසැම්බර් මස සිට ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළාය.
ජ්‍යේෂ්ඨ නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතාගේ බිරිය වන ඇය පුතුන් තිදෙනකුගේ මවකි.