අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියෝ අපවත් වූහ.
උන්වහන්සේ උත්තරීතර මහා නායක පදවියෙන් පිදුම් ලැබුවේ පසුගිය වසරේ ජනවාරි මස 14 දාය.
අපවත්වනවිට උන්වහන්සේ 84 වැනි වියෙහි පසුවූහ.
දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්වාමීන් වහන්සේ 1939.12.20 වැනිදා දකුනේ දොඩම්පහල ග්‍රාමයේදී ජන්ම ලාභය ලැබූහ.
උන්වහන්සේ පැවිදි දිවියට පිවිසෙන්නේ වර්ෂ 1950.11.25 වැනිදා කුඩාවැල්ල වාළුකාරාමයේදී ය.
මාතර නිල්වලා උදකුක්ඛේප සීමා මාලකයේදී ශ්‍රී කළ්‍යාණිවංශික සංඝයා වෙතින් 1962 වසරේදී උන්වහන්සේ උපසම්පදාව ලැබූහ.
පුරා දශක හතක් සසුනඹර හෙබවූ සුශීල ගුණෝපේත සංඝ පීතෘවරයෙක් වූ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දීමට නියමිතය.