දිනසේන රතුගමගේ
මුලතිව් මාන්කුලම ප්‍රදේශයේ තරුණයෙකු ගරාජයකින් ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගෙන ධාවන තත්ත්වයෙන් යුත් ෆෝමියුලා ආකෘති රථයක් නිපදවා තිබේ.
වයස විසි එකක් වන එස්.යුවිකන් නැමති මේ තරුණයා එදිනෙදා කුළී වැඩ කරමින් ජීවත් වන අයෙකි.
ඔහු නිපදවන ලද ෆෝමියුලා ආකෘති රථයෙන් වරින් වර ඔහු මුලතිව් මාන්කුලම මාර්ගයේ රවුමක් යනවා හැරෙන්නට යුවිකන්ට ඊට එහා දෙයක් ලැබී නොමැත.ඔහුට ඔහු සතුව ඇති වෙනත් හැකියාවන් වර්ධනය කර ගැනීමටද අත හිත දෙන අයෙකු නොමැත.
මාන්කුලම කැළයේ මහ බැද්දට හසු වී කාලය සමග ඔහුගේ හැකියවන්ද මේ මහපොළොවටම වැළැලී යන්නේ කෙදිනක හෝ ඔහුද සමගිනි.