කෝටි 20කට අධික වටිනාකමක් සහිත අධි බල යතුරුපැදි නීති විරෝධීව ගබාඩකර තිබු හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම තැනැත්තා දින ගණනක් පොලිසිය මගහරිමින් සිටි බවට විමර්ශන අංශ පැවසුවේය. සිය නිවෙස හැර පලාගොස් සිටි මේ තැනැත්තා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (17) අත් අඩංගුවට ගන්නේ නාරාහේන්පිටදී ය.
කුරුළු උයනේ ගබඩා පාලක සහ කළමණාකරුවා මින් පෙර අත් අඩංගුවට ගෙන තිබිණි.







