කීර්ති ප්‍රනාන්දු –
පවතින වැසි සහිත තත්ත්වය මත කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ,
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇලපාත ,නිවිතිගල ,කලවාන සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ
නිවේදනය නිකුත් කර ඇත .
ඒ අනුව මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දැනුම් දී සිටී .