රටේ අතිශය කතා බහට ලක්වූ කුප්‍රකට පොලිස් ලොක්කෙක් ශ්‍රී ලංකාවේ පාතාල අපරාධකරුවන් වැඩි දෙනෙක් සැඟවී සිටින ඩුබායි හි පුද්ගලික සංචාරයක් සඳහා සූදානම් වන බව වාර්තා වේ.
ඔහුගේ සංචාරය සම්බන්ධ සියලුම වියදම් ඉඳුම් හිටුම් සහ වෙනත් සුඛ විහරණයන් ඩුබායිහි සැඟවී සිටිමින් පාතාලය මෙහෙයවන කුඩු ජාවාරම්කාර අපරාධ කරුවන් පිරිසක් විසින් සංවිධානය කිරීමට සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි දරව් කරයි.
කුඩු සළිඳුගේ පාතාල හැසිරීම් සහ කුඩු ජාවාරමට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධව මෙම පොලිස් ලොක්කාගේ නම ඉහළින්ම කියැවී තිබිණි.
එමෙන්ම පාතාලයෙන් කොන්ත්‍රාත් ලබාගෙන අත්අඩංගුවේ පසුවන විරුද්ධ පාර්ශවයන්හි අපරාධකරුවන් ඝාතනය කිරීම සම්බන්ධව ද ඔහුට චෝදනා එල්ල වී ඇත.
මෙම පොලිස් නිලධාරියාගේ පුද්ගලික සංචාරය සම්බන්ධව ඩුබායි පොලිසිය ද දැනුම්වත් බව වාර්තා වේ.







