ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට ලකුණු 157ක ඉලක්කයක් ලබා දී ඇත.
ඒ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය ලෙස පර්ත් හි දී පැවැත්වෙන සුපිරි වටයේ දී ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර තරගයේ දීය.
කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායක එරෝන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔහු ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
පැතුම් නිශ්ශංක අද තරගයේ ආරම්භක පිතිකරු ලෙස එක් විය. කුසල් මෙණ්ඩිස් සහ පැතුම් තරගය ආරම්භ කළහ. කුසල් සාර්ථක වූයේ නැත. ඔහු ලකුණු 05කට දැවී ගියේය. නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට සම්බන්ධතාවයක් පැතුම් නිශ්ශංක සහ ධනංජය ද සිල්වා අතර නිර්මාණය විය. ධනජංය ලකුණු 26ක් පන්දු 23ක් තුළ ලැබුවේය. දෙවැනි කඩුලල් වෙනුවෙන් ලකුණු 69ක සම්බන්ධතාවයක් පැතුම් නිශ්ශංක සහ ධනංජය ද සිල්වා අතර ගොඩනැගිනි.

එහෙත් මැද පෙළ සාර්ථක වූයේ නැත. ප්‍රහාරාත්මක පිතිකරුවන් වන නායක දසුන් ශානක ලකුණු 03කටත්, භානුක රාජපක්ෂ ලකුණු 07කටත් වනිඳු හසරංග ලකුනණු 01කට දැවී ගියේය.
මැනවින් පන්දුවහට පහර දෙමින් සිටි පැතුම් නිශ්ශංක දුවද්දී දැවී යාමකට හසුවී දැවී යන විට ලකුණු 40ක් ලබා සිටියේය.
එහෙත් සුපුරුදු රිද්මයට පැමිනි චරිත් අසලංක වේගවත් පිතිකරණයක නිරත වෙමින් පන්දු 25ක දී ලකුණු 38ක් ලැබුවේය. චාමික කරුණාරත්න් පන්දු 7ක දී ලකුණු 14ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී ජොස් හෙසල්වුඩ් ලකුණු 26කට, පැට් කුමින්ස් ලකුණු 36කට, මිෂෙල් ස්ටාක් ලකුණු 23කට, ඇස්ටන් ආගර් ලකුණු 25කට, ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු පහකට කඩුල්ල බැගින් ලැබූහ.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම තියුණු ස්වරූපයක් ගත්තේය.
තරගයක් දීමට හැකි යැයි සිතෙන ලකුණු මට්ටමකට තරගය රැගෙන පැමිණි චාමික සහ චරිත් අවසන් පන්දු ඕවරයේ දී ලකුණු 20ක් ලෑබූහ. දැන් ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ වී තිබේ.








