මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන්ට එරෙහි සාක්ෂි කාරයෙක් වීම නිසා පසුගිය 05 වැනිදා තංගල්ල මොරකැටිආර ප්‍රදෙශයේ දී ඝාතනය කරන ලද පුද්ගලයාගේ ඝාතනය සිද්ධිය හා සම්බන්ධවූ තැනැත්තෙකුට පොලිසියෙන් සැඟවී සිටීමට අවශ්‍ය රැකවරණය සැපයීම සම්බන්ධව අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
අපේ ජන බල පක්ෂය ගලගොඩඅත්තේ ඤාණාසාර හිමියන් සහ අතුරලියේ රතන හිමියන්ගේ දේශපාලන පක්ෂය වන අතර එම පක්ෂයේ සභාපතිවරයා සමන් පෙරේරාය.
මෙම පුද්ගලයා වෙත පොලිසියේ විශේෂ අවධානය යොමු වන්නේ තංගල්ලේ දී මත්කුඩු ජාවාරම් කාරයන්ට එරෙහි ඔත්තු කරුවා මරා දැමීම සඳහා කොන්ත්‍රාත්තුව ගත් කුලී ඝාතකයාට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයූ තැනැත්තා ඊයේ (19) තංගල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ය.
මෙසේ අත්අඩංගුවට පත්වන පුද්ගලයා අපේ ජන බල පක්ෂයෙන් මහ මැතිවරණයට තරග වැදුනු තැනැත්තෙක් යැයි අනාවරණය වී ඇත. ඝාතන සිද්ධිය ගැන විමර්ශනය කරන පොලිසිය ඔහු ගැන සොයමින් සිටියදී ඔහු සැඟවී සිට ඇත්තේ කුරුණෑගල සමන් පෙරේරාගේ නිවසේ බවත් හෙළි වී තිබේ.
මේ තොරතුරු ඔස්සේ සමන් පෙරේරා සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඔහුට මින් පෙර අපරාධ චෝදනා ගොනු වී ඇති බවත් පොලිසිය කියයි.