දිනසේන රතුගමගේ –
ජාතික තරුණ සේවා සභාව විසින් කිළිනොච්චියේදී පවත්වන ලද තරගයකින් ජයග්‍රහණය ලද පිරිසට ලබාදුන් සහතික පත්‍ර සිංහල භාෂාවෙන් පමණක් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් විශාල පිරිසක් ඊයේ ( 3 ) විරෝධය පල කොට තිබේ.
තරුණ සේවා සභාව විසින් පළාතේ තරුණ තරුණියන් අතර පවත්වන ලද ගෙවතු වගා තරගයක් වෙනුවෙන් මෙම සහතික පත් නිකුත් කොට තිබේ.
සහතික ලැබීමෙන් පසුව විරෝධය පලකළ තරුණ තරුණියෝ කියා සිටියේ එම සහතිකය කොතරම් වැදගත් වූවත් උතුරු පළාතේ පවත්වන සම්මුඛ පරීක්ෂණ වලදී සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කොට ඇති සහතික පත් වලට හිමිවිය යුතු නියම තැන නොලැබීම නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදුවන බවය.
මේ හේතුව නිසා සහතික පත් සම්බන්ධයෙන් විරෝධය පල කිරීමක් මිස ජාතිවාදී ආකල්පයකින් මේ විරෝධය පල නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කළහ.