දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක ඌරු කොටුවල ඌරන් මිය යන්නේ වෛරස් රෝගයක් හේතුවෙන් බවට පශු වෛද්‍ය නිලධාරීන් සිදු කළ පරීක්ෂණ වලින් අද (3 ) සනාථ වී තිබේ.
රෝගය හඳුණා ගැනීමෙන් පසුව එම රෝගයට අදාල ඖෂධ ලබා දීම ආරම්හ වී ඇතත් මේ දක්වා ඌරන් අතර පැතිරෙමින් පවතින වෛරස් රෝගය පාලනය වී නොමැත.
හදිසියේම මේ ප්‍රදේශයට වර්ෂාව ඇද හැලුණහොත් මීට වඩා වේගයකින් එම රෝගය පැතිර යා හැකි බවට කිළිනොච්චියේ පශු වෛද්‍ය නිලධාරීන් අනතුරු අගවා තිබේ.
මේ වෛරස් රෝගය හේතුවෙන් මේ වන විට කිළිනොච්චියේ ඌරු කොටුවල ඌරන් 300 ක් පමණද පැටවුන් 400 ක් පමණද මියාගොස් තිබේ.
මිය ගිය ඌරන්ගේ මස් හා රෝගය වැළදුණු ඌරන් අලෙවි කිරීම හා වෙනත්ප්‍රදේශ වලට ප්‍රවාහනය කිරීම සිදු කළ හැකි නිසා එසේ කරණ පිරිසට එරෙහිව නීති මගින් පියවර ගන්නා ලෙස කිළිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් පළාතේ සියලුම පොලිස් ස්ථවලට හා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලවලට දැණු දී තිබේ.







