දිනසේන රතුගමගේ –
අධික වර්ෂාවත් සමගම කිළිනොච්චියේ අයියන්කුලම වැවේ වැව් බැම්ම ස්ථාන දෙකකින් ඊයේ ( 20 ) රාත්‍රී කඩා ගෙන ගොස් ඇති අතර මේ වන විට එම වැවේ ජලය පහත් බිම් කරා ගලා යන්නට පටන් ගෙන තිබේ.
පහත් බිම් වලට ගලා ගිය ජලයෙන් කිළිනොච්චිය අයියන්කුලම වැව යටතේ වගා කොට තිබූ කුඹුරු අක්කර 348 ක අස්වැන්න නෙලීමට ආසන්නයේ තිබූ ගොයම් ජලයෙන් යට වී තිබේ.
වැවේ ජලය ගලාගෙන යාම නිසා පහත් බිම් වල පිහිටි නිවාස හා මාර්ග කීපයක්ද ජලයෙන් යට වී ඇත.
අයියන්කුලම වැවේ වැව් බැම්ම කඩා ගෙන ගිය ස්ථාන දෙකේම හට ගෙන තිබෙන විශාල කඩවලවල් දෙක වැලි ගෝනී පුරවා බේරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් වැවේ ජලය ගලගෙන යාමේ වේගය වැඩි වීමත් සමගම එම කඩවළවල් දෙකේ විශාලත්වය වැඩි වෙමින් පවතින බව්ත් කිළිනොච්චිය ගොවි සංවිධානයේ සභාපති එස්. අරුල් රාජා ප්‍රකාශ කළේය.








