කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන්ගෙන් එක් අයෙකු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සෙබළෙකු බව පොලිසිය වැඩිදුරටත් අනාවරණ කරයි.







