කීර්ති ප්‍රනාන්දු –
කිසිදු හේතුවක් නිසාවත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය නතර නොකරන ලෙස තම සංගමය රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි .
මේ වන විට දේශීය බිත්තර නිෂ්පාදකයින්ගේ විශාල මාෆියාවක් ක්‍රියාත්මක වන බව; පැවසූ ඔහු බිත්තර ආනයනය නතර කළහොත් එය ඔවුන්ට රුකුලක් වන අතර ඉදිරියේදී බිත්තර නිෂ්පාදකයෝ දේශීය බිත්තරයක මිල රුපියල් 100 දක්වා වැඩි කරනු ඇතැයි ඔහු පැවසීය .
විශේෂයෙන් සිංහල අවුරුදු සමයේ කේක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බිත්තර නොලැබීම හේතුවෙන් බේකරි හිමියන් දැඩි අමාරුවක වැටී මෙවර කේක් නිෂ්පාදනය සීමිතව සිදු කළ බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .
දේශීය බිත්තර නිෂ්පාදකයා වැජඹෙන්නේ අන් කිසිවෙකු නිසා නොව සමස්ත බේකරි හිමියන් නිසා බව අවධාරණය කරන සභාපතිවරයා බේකරී හිමියාව තලා පෙලා නැති කිරීමට උත්සාහ කරන්නේ නම් එය කවදාවත් සිදු නොවන අතර එසේ කර දේශීය බිත්තර නිෂ්පාදකයාට රැඳෙන්නට ලැබෙන්නේ සුළු කාලයක් යයිද පැවසීය .