දිනසේන රතුගමගේ
කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක ආරක්ෂාව 24 දා සිට දැඩි කොට තිබේ.
විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සොහොන් භූමි පිහිටි කිළිනොච්චියේ කනකපුරම් ප්‍රදේශයේ මාර්ග බාධක කීපයක්ම යොදවා ඇති අතර ඒ හරහා ගමන කරණ වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීමට පටන් ගෙන තිබේ.
කිළිනොච්චියේ ප්‍රදේශ කීපයකින් කොරෝනා රෝගීන් වාර්තා වීමත් ඒ අතරවාරයේ ජනතාව මහවිරු දිනය සැමරීම සඳහා ඒකරාශී වීමට ඉඩ ඇති බැවිනුත් කිළිනොච්චියේ ආරක්ෂක අංශ කිළිනොච්චියේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කොට තිබේ.