අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරි දෙන අම්මාගෙ වකුගඩුව ගලවාගෙන දෙනවා කී මුදලටත් වංචාකළ තිරිසන්නු

by editor
දෙසැම්බර් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල කොටා පාරේ පිහිටි වෙස්ටන් රෝහල මුල්කරගෙන සිදුකර ඇති සාහසික වකුගඩු ජාවාරමට ගොදුරු වූ වින්දිතයින් අතර දරුවෙකුට කිරිදෙන මවක් ද සිටින බව සිද්ධිය පිළිබඳ විමර්ශනය කරන     කොළඹ අපරාධ කොට්ඨාසය, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය  හමුවේ ඊයේ (02) කරුණු වාර්තා කළේය.

මෙම වංචාවට හසුව ඇති දරුවාට කිරි දෙන මව  කොළඹ 15 ශ්‍රී පඤ්ඤානන්ද මාවත   සත්හිරු සෙවන නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි    සුන්දරලිංගම් ෂර්නියා නැමැති කාන්තාවකි. රැකියාවක් නොකරන ඇය 34 හැවිරිදිය.

පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු හා එක් කාන්තාවක් මෙම වකුගඩු ජාවාරමට හසුවී සිටි අතර ඔවුන්ට  එක් වකුගඩුවක් වෙනුවෙන් ලක්ෂ 150ක්   ගෙවීමට පොරොන්දු වී ඇතැයි උසාවියේ දී කියැවිනි.

එසේ  වුවද  වකුගඩුව ලබා ගත් පසු  කොළඹ වංචා විමර්ශන කාර්යාලයේ පොලිස් පරීක්ෂකවරයෙක් හරහා බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථාන රථගාලට මෙම පිරිස ගෙන්වා ඔවුන්ට පොලිස් පරීක්ෂක ලවා තර්ජනය කර රෝහල සමග මින් පසු කිසිම ගනුදෙණුවක් නොපවත්වන බවට ලේඛණයකට අත්සන් ගෙන ලක්ෂ 02ක මුදලක් පමණක්  ගෙවා ඔවුන් පළවා හැර තිබිණි.

රෝහල පවතින්නේ  වෛද්‍ය මොහොමඩ් හුසේන් රිස්වි ශරීෆ් යටතේය. මෙම රෝහල සංවිධානාත්මක වකුගඩු ජාවාරම සම්බන්ධව කාලයක් තිස්සේ චෝදනාවට ලක් වී තිබුණ ද නිසි විමර්ශන ක්‍රියාත්මක වී තිබුණේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නැවත වරක් මේ වකුගඩු ජාවාරම සංවාදයට ලක් වන්නේ බොරැල්ල  Western Hospital මගින් දිළිඳු පවුල් වල පුද්ගලයින්ට මුදල් ලබා දෙන බවට  මුලා කරමින් වකුගඩු ලබා ගන්නා බවට දෙරණ නාලිකාව ඔස්සේ කළ හෙළිදරව් කිරීමත්,  වකුගඩු සැත්කම් සිදු කල බවට පවසමින් පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු සහ එක් කාන්තාවක් බොරැල්ල පොලිස් ස්ථානයේ අපරාධ අංශය වෙත පැමිණ පසුගිය 23 දා පැමිණිල්ලක් සටහන් කිරීමත් සමගය.

ඒ තොරතුරුත් සමග කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කළේය.

බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13   සිරිසද සෙවන නිවාස සංකීර්ණයයේ පදිංචි    වලිසුන්දර මුදියන්සේලාගේ සුපුන් සංජීව නොහොත්  සඳුන් නැමැති අය විසින් මෙම ජාවාරම්කරුවන්ට වකුගඩු ලබාගැනීම සඳහා පුද්ගලයින් සොයා දී තිබුණු අතර රෝහල විසින් සිදුකළ වංචාවෙන් පසු ඔහු මේ අපරාධය දෙරණ රූපවාහිනී නාලිකාවට දන්වා බොරැල්ල පොලිසිය වෙත වකුගඩු ලබා ගත් පුද්ගලයින් යොමු කර ඇතැයි හෙළි විය. සුපුන් මෙම අවයව ලබා ගැනීම සඳහා පුද්ගලයින් රෝහල වෙත යොමු කර තිබුණේ බායි නැමැත්තෙක් හරහාය.

අනතුරුව පුද්ගලයින් යොමු   කරමින් වෛද්‍ය පර්යේෂණ සිදු කර වකුගඩු සැත්කම් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය විය.

මීගමුව කොච්චිකඩේ මයිකල් මාවතේ පදිංචි තරුණ වෑල්ඩින් කරුවෙක් වූ  යෝගේන්‍රන් තුවාකරන් (26), කොළඹ 15 ශ්‍රී පඤ්ඤානන්ද මාවතේ පදිංචි මාර්ග පිරිසිදුකරන්නෙක් වූ  රණසිංහ ආරච්චිගේ චාමික නිශාන්ත (22)  වෑල්ඩින් කරුවෙක් ලෙස සේවය කරන කොළඹ 13 බ්ලූමෙන්ඩල්පාර සිරිසඳ සෙවනේ පදිංචි  ආරියදාස් ඥාණදාස් (34), කුලීවැඩ කරන්නෙක් වූ කොළඹ 13 මිරානියා වීදියේ මුරුගෙස් උදයකුමාර් ( 41) යන පුද්ගලයින් සිවු දෙනා සහ දරුවෙකුට කිරිදෙන මවක් වූ සුන්දරලිංගම් ෂර්නියා නැමැති කාන්තාවය.

මේ අපරාධය සම්බන්ධව මේ වනවිට උසාවියට කරුණු වාර්තා කර විමර්ශන අරඹා තිබේ.

එහෙත් මෙම අපරාධයට ඍජුව සම්බන්ධ පොලිස් දෙපාර්තමේන්තුව නිරුවත් කිරීමේ වරද අවස්ථා ගණනාවක දී හෙළිදරවු වුවද නිසි විනය ක්‍රියාමාර්ගයක් නොගත් පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධව තවමත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව වාර්තා වේ.

වකුගඩු ගලවා ගත් රෝගීන් බියකර පළවා හැරීම සඳහා මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයා බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථාන රථගාලට පැමිණ තිබුණේ ස්වකීය නිල ඇඳුමෙනි.

පොලිස් මූලස්ථානය අපට කීවේ මෙම නිලධාරියාගේ  ඉතිහාසයම අතිශය දූෂිත එක්ක බවය.

ඔහු පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන වකවානුවේ තාවකාලික රියදුරු බලපත්‍ර මුදල්වලට විකුණා හසුවී දඬුවම් ලැබ තිබිණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කරන අවධියේ  සිය පුතා අතින් ඝාතනය වුණු   බියගම විලේජ් හෝටලයේ හිමිකරුගේ ඝාතකයා සැඟවීමට ගත් උත්සාහ හෙළි වීමෙන් ඔහු වැඩ තහනමට ලක් වී සිටියේය. එහෙත් ඔහු යළිත් සේවය ලබා ගත්තේය.

මේ නිලධාරියා පොලිසියේ දූෂිත ඉහළ නිලධාරීන්ගේ  අනීතික ගනුදෙණු සම්බන්ධීකරණය කරන පුද්ගලයෙක් ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔහුට ටික දිනකින්   යළි සේවයට පැමිණීමට හැකි වී තිබේ.

ඔහු බස්නාහිර බුද්ධි අංශයේ සේවයේ යොදවා තිබුණද නියමිත රාජකාරි පැහැරහැරීම හේතුවෙන් චෝදනා ලැබ එතැන්නිද ඉවත් කළ පසු   කොළඹ වංචා විමර්ශන කාර්යාලයට අනුයුක්ත කර තිබිණි.

මේ ජඩ අපරාධයට ඔහු සම්බන්ධ වන්නේ කොළඹ වංචා විමර්ශන කාර්යාලයේ සේවය කරන පොලිස් පරීක්ෂවරයෙක් ලෙසය. ඔහුව එම ඒකකයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිස් මූලස්ථානයට දන්වා තිබුණත් මේ වනතුරු ඔහු සම්බන්ධව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට  කටයුතු කර නැත.

මෙම පොලිස් නිලධාරියා කාලයක් තිස්සේ මෙම ජාවරමට සම්බන්ධ බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආසියාවේ නූඩ්ල්ස් රජා ලංකාවේ යූනියන් බැංකුව සිය පාලනයට ගනී !

Next Post

අලුත්කඩේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ පවුම 47ක රන් ගුලි දෙකක් ගල් වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.