පක්ෂය ගොඩ නැගීමට ඇති ලොකුම බාධාව ආණ්ඩුවට ගොස් කෑදර කමට ඇමැතිකම් ගෙන යළි නඩු කියා පක්ෂයේ තනතුරුවලට අරක්ගත් පිරිස යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
පක්ෂය විනයානුකූල පියවර ගනිත් දී ශ්‍රේෂ්ඨාධිකරණ තීණ්දුවක් මගින් යළි පක්ෂයට පැමිණි මෙම කණ්ඩායමට තමන් කියන්නේ ආණ්ඩුවට වී ඉන්නට බැරිනම් පක්ෂයට හිරිහැර නොකර ඉන්නා ලෙසය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කට්ටටික් ආණ්ඩුවට ගිහින් කෑදර කමට මැති ඇමැතිකම් ගත්තා. අපිට ඒ කෑදර කම නැහැ. කෑදර කම නැති අය තමයි ඉතිරි වෙලා ඉන්නේ. ආණ්ඩුවට ගිහින් ඇමැතිකම් ගත්ත අය සම්බන්ධයෙන් මම විනයානුකූලව පියවර ගත්තා. ඒ ගොල්ලෝ ශ්‍රේෂඨාධිකරණයේ නඩුවක් දාලා ඒ නඩුවෙන් දිනලා ආවා. ඒ තත්ත්වයත් අපි විශේෂයෙන්ම මේ මාසයේ දී විසඳ ගන්නවා.”
“නීතියට අපි ගරු කරනවා. ඒ ගොල්ලන්ට කියන්නේ එක්කෝ ආණ්ඩුවටම වෙලා ඉන්න අපිට හිරිහැර කරදර කරන්න එපා කියලයි.” හිටපු ජනාධිපතිවරයා කීවේය.