යුග දනවි බලාගාර සිද්ධිය හා සම්බන්ධ ඇමරිකානු සමාගම හා අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුම් දෙකක් සම්බන්ධව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තමන්ව වාචිකව දැනුම්වත් කර ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
යුගදනවි බලාගාරය සම්බන්ධව ඇති වී තිබෙන ගැටලු සඳහා තවමත් පිළිතුරක් ලැබී නැතැයි පවසන අමාත්‍යවරයා ඉතා ඉක්මනින් පක්ෂ 11 එක් වී මේ සම්බන්ධව සිය ප්‍රතිචාරය දැක්වීමට සූදානම් බව කීවේය.
අගමැතිවරයාගේ සාකච්ඡාවෙන් පසු අවසන් වශයෙන් ජනාධිපතිවරයාගෙන් ආණ්ඩුවේ සෙසු පක්ෂ කළ ඉල්ලීමේ දී ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කළේය. මේ ගිවිසුම ගැන දේශපාලනිකව ප්‍රශ්නයක් තිබේ නම් මුදල් අමාත්‍ය බැසිල් හෝ අග්‍රාමාත්‍ය මහින්ද යන රාජපක්ෂවරුන් හමුවී එය විසඳා ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.