අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් අනුමැතිය අරන් මේ වෙලාවෙ බිත්තර ආනයනය කලොත් ඉන් වාසි ගන්නෙත් බිත්තර හිඟය රටේ ඇති කළ දේශපාලන හයිය ඇති කළු කඩ කාරයො කීප දෙනෙක්!

බිත්තර හිඟය ඇති කරලා රටේ නැති ප්‍රශ්නයක් ඇති කළේ අතරමැදි කළු කඩ කාරයො කීප දෙනෙක්... බිත්තර ගොවීහු කියති!

by editor
ජනවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කැබිනට් අනුමැතිය සහිතව බිත්තර ආනයනය කිරීමට අවසර ලැබුණහොත් ඉන් වාසි ලබන්නේත් මේ රටේ බිත්තර හිඟය ඇති කළ දේශපාලන හයිය සහිත තොග වෙළෙඳ අතරමැදි කළුකඩ කාරයින් කීප දෙනෙක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් අත්තනායක පැවසීය.

කුමණ හෝ පදනමකින් මේ අවස්තාවේ බිත්තර ආනයනය කළහොත් මෙරට ග්‍රාමීය බිත්තර නිෂ්පාදන කර්මාන්තය විනාශ වී ගොස් සදහටම රටට අවශ්‍ය බිත්තර ආනයනය කිරීමට සිදුවනු ඇති බව ද ඔහු අනතුරු ඇඟවූයේය.

රට තුළ බිත්තර මිල වැඩිවීමට හේතුව බිත්තර අලෙවි කරන්නේ ගොවියන් නොව, කලුකඩ කාරයන් කිහිප දෙනෙකු වීම බවය. තම සංගමය හැමදාම කියා සිටියේ බිත්තරයක් රුපියල් 55 කට අඩුවෙන් අලෙවි කිරීමට හැකි බව යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විට රට තුළ බිත්තර නිෂ්පාදනය වර්ධනය වෙමින් පවතින බවත් මහා පරිමාණ නිෂ්පාදකයන් ට අමතරව ග්‍රාමීයව බිත්තර නිෂ්පාදකයන් කිකිළියන් 500, 1000. 2000,හදාගන්නට පටන් ගෙන ඇති බවත් පවසන සභාපතිවරයා ඉදිරි සති කීපය තුළ කිකිළියන් ලක්ෂ 20ක ගෙන් පමණ බිත්තර ලැබීමට නියමිත බව ද ඔහු කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් අත්තනායක මෙසේ ද පැවසීය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ජාඇල ප්‍රදේශයේ කූල් රූම් තියෙන තොග වෙළෙන්දන් කිහිප දෙනකු ගොවියන්ගෙන් බිත්තර ටික වැඩි මිලට අරගෙන ගබඩා කරගෙන තියා ගන්නවා. පස්සේ බිත්තර හිඟයක් මවා පාමින් ඒ බිත්තර වැඩි මිලට වෙළඳපොළට එව්වා . ඒ නිසයි රට තුළ බිත්තර මිල ඉහළ ගියේ.

බිත්තර ගොවියා කවදාවත් වැඩි මිලට බිත්තර වික්කේ නැහැ . වැඩි මිලට බිත්තර වික්කේ බිත්තර තොග රැස්කර ගෙන හිටිය ඒ කළු කඩ කාරයො ටිකයි. දැන් පිටරටින් බිත්තර ගෙනාවොත් ඒ බිත්තර ගේන්නෙත් ඒ අයම තමයි.

ඒ ගෙනත් බිත්තර ටිකක් කූල් රූම් වල ගබඩා කරලා තියාගෙන සිංහල අවුරුදු කාලය වෙනකොට නැවතත් බිත්තර හිඟයක් මවාපාමින් වැඩි මිලට බිත්තර අලෙවි කරන්නට කරන සූදානමක් කියලා අපිට පෙනී යනවා.

අපි මේ වෙනකොට ආර්ථික මධ්‍යස්ථාන හරහා පාරිභෝගිකයින්ට රුපියල් 55 බැගින් බිත්තර මිලදී ගැනීමට අවශ්‍ය බිත්තර බෙදාහැරීමට කටයුතු කරගෙන යනවා. මේ වන විට බිත්තර වලට තියෙන ඉල්ලුම නිසාම වයසක කිකිළියන් මසට විකුණන්නෙ නැතිව ඔවුන්ගෙනුත් බිත්තර නිෂ්පාදනය කර ගැනීමට ගොවීන් යොමු වී තියෙනවා. .ඒ නිසා පෙබරවාරි මාසය අවසාන වනවිට බිත්තර ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳෙනවා.

සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් හදිසියේ ගිනි ගනී!

Next Post

රනිල් වික්‍රමසිංහ කියන්නෙ අරගලයට ගහන්න අපි පාවිච්කළ බෝම්බයක් වගේ ටූල් එකක් – සනත් නිශාන්ත

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.