දිනසේන රතුගමගේ –
යාපනයේ සිට කැනඩාවට ගොස් එහි පදිංචිව සිටින පනස් හතර හැවිරිදි පුද්ගලයෙකුට කැනඩාවේදී දිණුම් අදින ලද ලොතරැයියකින් කැනේඩියානු ඩොලර් ලක්ෂ පහක මුදලක් ( ශ්‍රී ලංකාවේ රුපියල් දහතුන් කෝටි අසූ තුන් ලක්ෂ අසූපන් දහසක් ) පලමු ත්‍යාගය වශයෙන් ඊයේ ( 25 ) හිමි වී තිබේ.
ජීවකුමාර් සිවපාදම් නැමති මේ තැනැත්තාට එම දිනුම හිමිව ඇත්තේ කැනඩාවේ Lotto Max නැමති ලොතරැයි පතකිනි.
තිදරු පියෙකු වන ඔහු ප්‍රකාශ කරන ලද්දේ එම මුදලින් මෝටර් රථයක් මිලට ගැනීම සහ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන බවයි.