තෙල්දෙනිය කෙන්ගල්ල ප්‍රදේශයේ වාහන අලෙවි ස්ථානයකින් කොල්ලකන ලද කෝටි ගණනක් වටිනා ඩිෆෙන්ඩර් 03ක් සහ KDH වර්ගයේ වැන් රථයක් ඇතුළු වාහන හතරකින් ඩිෆෙන්ඩර් රථ දෙකක් මධ්‍යම පලාත් සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවස පසුපස ගරාජකයට රැගෙන විත් කොටස් කරමින් සිටිය දී එම පළාත් සභා මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ඇතුළු තුන් දෙනෙක් වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වාහන කොල්ලය සිදුවී තිබුණේ ඊයේ (29) සවස 3ට පමණ තෙල්දෙණිය කෙන්ගල්ලේ පිහිටි අශාන් ට්‍රේඩර්ස් නැමැති වාහන අලෙවි ස්ථානයෙනි.
මෙම වාහන කොල්ලය පිළිබඳව ඊයේ (29) වත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව පල්ලේගම දොරගමුවේ පදිංචි මධ්‍යම පළාත් සභාවේ හිටපු පොහොට්ටු පලාත් සභා මන්ත්‍රී කමල් අජිත් කුමාර බෙලිගොල්ලගේ නිවස පරීක්ෂා කරද්දී ඔහුගේ නිවස පසුපස ගරාජයේ කොල්ල කන ලද ඩිෆෙන්ඩර් රථ දෙකක් සොයාගෙන තිබේ.
ඒ අසල ඇති කුඩා ලොරි රථයක පසුපස තට්ටුවේ ඩිෆෙන්ඩර් රථ දෙකෙන් ගලවන ලද කොටස් තොගයක් තිබී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් විසින් මෙම වහනවල කොටස් ගලවා ඔවුන් විසින් ලොරි රථයෙන් රැගෙන එන ලද පරණ ඩිපෙන්ඩර් වර්ගයේ ජිප් රථවල කොටස් සවි කරමින් සිට ඇති බව විමර්ශන අංශ පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පොහොට්ටු මන්ත්‍රීගේ පුත් චානුක බිමෙන්ද්‍ර බෙලිගොල්ල (32), බමුණු සිංහ ආරච්ච්ගේ ධනංජය තාරක (27)විදලත් ආරචිචිලාගේ සජිත් කුමාර ජයසිංහ (34) යන පුද්ගලයින් තිදෙනාය.
සැකකරුවන් අද (30) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත







