කාබනික පොහොර යෙදූ බොහෝ තැන්වල රසායනික පොහොරට වඩා වැඩි අස්වැන්නක් ලබා ගත් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක පැවසුවේය.
ඔහු මේ බව ප්රකාශ කළේ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳ රාජ්ය නිලධාරීන් දැනුම්වත් කිරීමට ජනාධිපතිවරයා සහ රාජ්ය නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද ( 23 ) පැවැති විශේෂ හමුවේ දී ජනාධිපතිවරයා ඉදිරිපිට කෘෂිකර්ම ක්ෂේත්රයේ ඉහළම නිලධාරීන් ද සහිත රාජ්ය නිලධාරීන් අමතමිනි.
මෙහිදී හරිත කෘෂිකර්මාන්තය ප්රවර්ධනය සඳහා රජයේ වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළ අවස්ථාවේ දී මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් කීවේ කාබනික පොහොර නිවැරදිව යෙදූ බොහෝ තැන්වල අස්වැන්න රසායනික පොහොර යෙදූ තැන්වලට වඩා විශාල වශයෙන් වැඩි බවය.
“මේක හරියට පාවිච්චි වුනේ නෑ, හරියට මාර්කට් වුනේ නෑ. ජනාධිපති තුමා දැන් කිව්වනෙ. ඊලඟ කන්නෙ අපි හරි ෆවුන්ඩේෂන් එක දාගන්න ඕන.“