ලලිත් චාමින්ද –
කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය කැබලි කිරිමේ යන්ත්‍රයක් ලබුදුව කුරුන්ද ප්‍රදේශයේ ගොවියෙකුවන කේ.කේ. පත්මලාල් විසින් නිර්මාණය කොට ඇත. රෝබින් වර්ගයේ එන්ජිමක් ඇතුළු දේශිය අමතරකොටසක් උපයෝගිකරගෙන මෙම යන්ත්‍රය මොහු විසින් නිර්මානය කොට ඇත.
ලබුදුව ගොවිජන සේව මධ්‍යස්ථායේ කාබනික පොහොර නිෂ්පාදකයකු ලෙස පත්මලාල්ල ලියාපදිංචි වි ඇත. මොහු ගොවිතැන්කටයුතුවලට අමතරව කාර්මිකයකු ලෙසද කටයුතු කරයි.
තම කාර්මික දැනුමද යොදාගෙන මොහු මෙම යන්ත්‍රය නිර්මාණය කොට ඇති අතර ඒ සඳහා රුපියල් 80000ක පමණ මුදලක් වැයවි ඇත. මේ සඳහා කුරුන්ද ප්‍රදේශයේ කාබනික පොහොර පමණක් යොදාගෙන වි වගාව, කොළ හා එළවළු වගාකරනු ලබන නිශාන්ත ලසන්තගේ ද සහයෝගය හිමිවි ඇත. ලසන්තගේ සහ ප්‍රදේශයේ ගොවිමහත්වරුන්ගේ ඉල්ලිමට අනුව පත්මලාල් විසින් මෙම නව නිර්මාණය සිදුකොට ඇත.
මෙම යන්ත්‍රය ප්‍රදේශයේ ගොවින් වෙත හඳුන්වාදීම ඊයේ (14) කුරුන්ද ප්‍රදේශයේ දි පැවැත්විණි. එහිදි මෙම නිර්මාණය පිළිබද අදහස් දක්වමින් පත්මලාල් මෙසේ කිවේය.
“ මේ සදහා රෝබින් වර්ගයේ එන්ජිමක් යොදාගත්තා. අමුද්‍රව්‍ය කැබලිවන තලය දේශිය නිෂ්පාදනය කරපු තලයක්. එහි කුඩා තල 300ක් විතර තියෙනවා. යකඩ කැබලි යොදාගෙන තමයි මෙම යන්ත්‍රය නිර්මාණය කළේ. මේ සඳහා රුපියල් 80000ක විතර මුදලක් වැයවුනා. ප්‍රදේශයේ ගොවීන් වෙනුවෙන් රුපියල් 1.20000ක විතර මුදලකට මෙවැනි යන්ත්‍රයක් නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන්. මට රජය මගින් මේ සදහා උදව් උපකාර ලැබෙනවානම් තවත් අඩු මුදලකට මෙම යන්ත්‍රය නිෂ්පාදය කරන්න පුළුවන්“ යැයිද පත්මලාල් ගොවිමහත්මයා කීවේය.
මේ අවස්ථාවට බෝපේ පොද්දල ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්රුක් අබේකොන්, ලබුදුව ගොවිජන සේවා ප්‍රදේශිය නිලධාරි කේ.එච්.ජේ සදමාලි, කරුන්ද කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි ඩි.යු ලියනගේ, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි ඩි.යු ලියනගේ, කෘෂිකර්ම ඩිප්ලෝමාධාරි වසන්ත සේනානායක, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරිණි වයි.එම් චාන්දනි ඇතුළු ප්‍රදේශයේ ගොවින් මේ සදහා එක්ව සිටියහ.
මෙම යන්ත්‍රය යොදාගෙන කාබනික පොහොරෙ නිශ්පාදනය ඊයේ ආරම්භ විය.
.