කාබනික පොහොර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මෙතෙක් ලබා දී ඇති ප්රමිතීන් වල කිසියම් වෙනසක් සිදු කිරීමට කටයුතු සලසා ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග මගින් දැනගන්නට තිබේ.
ජීවානුහරණය කරන ලද කාබනික පොහොර දේශීය ගොවීන්ට සැපයීමේදී ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන බවත් කාබනික පොහොර භාවිතය ඔස්සේ ඉදිරියේදී ගොවිතැන දියුණු කිරීමට කටයුතු සලසා ඇති බැවින් ජීවානුහරණය කරන ලද යන කරුණ බාධකයක් වනු ඇති බවත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ ධ්‍යක්ෂ ජනරාල් ආචාර් අජන්ත ද සිල්වා පවසයි
දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා කාබනික පෝර නිෂ්පාදකයින්ට ද ජීවාණුහරණය කරන ලද යන තත්ත්වය යටතේ පොහොර නිෂ්පාදනය කිරීම දැඩි අපහසු තාවයක් වනු ඇතැයි ද හෙතෙම කීය.
කාබනික ඝණ පොහොර සඳහා මේ වන විට පවතින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ 1704 ප්‍රමිතියට අනුව කාබනික පොහොර සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී ඇතිවන තත්ත්වයන් පිළිබඳ සලකා බලමින් සිටින බව ද හෙතෙම කීය.