කාබනික හා පොහොර නිෂ්පාදන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය ලෙස නව රාජ්‍ය අමාත්‍ය විෂය පථයක් නිර්මාණය කර තිබේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ (7) මේ පිළිබද අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
එම විෂය පථය දැනට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා යටතේ පවතින වී හා ධාන්‍ය කාබනික ආහාර එළවළු පළතුරු මිරිස් ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය හා තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය යන අමාත්‍යාංශයට සම්බන්ධ කර තිබේ.
එම අමාතයාංශය යටතට පවතින කාර්යයන් ලෙස, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් හා මඟපෙන්වීම මත ප්‍රමිතියෙන් යුතු පරිසර හිතකාමී කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම සඳහා උසස් තාක්ෂණික කෘෂිකර්මාන්තයක් ඇතිවීම සඳහා නීති හා අණපනත්වලට අනුකූලව කාබනික පොහොර නිෂ්පාදන, නියාමන හා සැපයුම් වී ධාන්‍ය කාබනික ආහාර පිළිබද ප්‍රතිපත්ති සම්පාදනයට සහය වීම සඳහන් වේ.
අමාත්‍යාංශයට අයත් ආයතන ලෙස ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොළඹ කොමර්ෂල් පොහොර සමාගම, ශ්‍රී ලලංකාවේ ජාතික සාගිනි නිවීමේ මණ්ඩලය, ප්‍රදේශීය ආර්ථික මධයස්ථාන, ගොවිජන දෙපාර්තමේන්තුව, ජාතික පශු අස්වනු කළමනාකරණ ආයතනය අයත් වේ.