කොළඹ පැවැත්වෙන කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවසන් තරගය සඳුදා (12) ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබියදී එහි තණතීරු සැදීම භාර නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත.
මොහු ක්‍රිකට් ආයතනයේ සියලුම ක්‍රීඩාංගණ වල තණතීරු භාර ( Curator ) ලෙසද කටයුතු කරයි.
ඔහු සම්බන්ධ ක්‍රීඩා සමාජයක පළහිලව්වකට ක්‍රිකට් ආයතනයේ තරගාවලි කටයුතු භාර නිලධාරියකුට බැණ වැදීමේ සිද්ධියක් මෙයට හේතු වී ඇතැයිද වාර්තා වේ.







