බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා කටයුතු වෙනත් කෙනකුට නොදුන්  හේතුව ජනපති කියයි !

by Lanka Sara Editor
මාර්තු 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව තමන් යටතට පවරා ගත්තේ  බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා   ශ්‍රී ලාංකික කාන්තාවගේ බහු විධ භූමිකා වඩාත් බලාත්මක කරමින් ඔවුන්ගේ  උපරිම දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අදට යෙදෙන (මාර්තු 08)  ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්කෙන් පනිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහිදී ජනාධිපතිවරයා විසින් නිකු් කරන ලද පුකාහ්‍ය මෙසේ දැක්වෙයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රට මුහුණ දී තිබෙන ආර්ථික අභියෝග හමුවේ වුවද කාන්තාවන්ගේ අභිමානය, ගෞරවය හා ශක්තිය පිළිබිඹු වන අයුරින් “ඇය දැයේ අභිමානයයි” තේමාව යටතේ මෙවර කාන්තා දිනය සැමරීමට කටයුතු කිරීම පිළිබඳ මම ඉතාමත් සතුටු වෙමි.

ශ්‍රී ලාංකීය ජනගහනයෙන් හරි අඩකටත් වැඩි ප්‍රතිශතයක් වන කාන්තා නියෝජනය, ලොව සංවර්ධිත රටවල සමාජ සංවර්ධන දර්ශක අතරට පැමිණ සිටීම සතුටට කරුණකි. සාක්ෂරතාවයෙන් ඉදිරියට පැමිණ සිටින ලාංකීය කාන්තාව, අද දවසේ රටේ ආර්ථිකයට වෘත්තීමය වශයෙන් ලබාදෙන ශක්තිය සහ දායකත්වය සුවිශේෂී වේ.

ශ්‍රී ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යාංශය තාවකාලිකව මාගේ යටතට පවරා ගත්තේ ද ශ්‍රී ලාංකික කාන්තාවගේ මෙම බහුවිධ භූමිකා වඩාත් බලාත්මක කරමින් බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වන ගමනේදී මෙරට කාන්තාවන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමේ අරමුණ ඇතිව බව සිහිපත් කළ යුතුය.

කළමනාකරණ හා දේශපාලන තීන්දු ගන්නා යාන්ත්‍රණයෙහි කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීමට අප රජය තවදුරටත් කැප වී සිටින අතර පාර්ලිමේන්තුවේ පමණක් නොව, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයේ සියලු ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ පුළුල් වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබේ.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබලගැන්වීම පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර ඇත. එතෙකින් නොනැවතී ජාතික කාන්තා කොමිසම නමින් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කිරීමට ද අපේක්ෂා කරන අතර ඔම්බුඩ්ස්වුමන් වරියක මෙන්ම වැවිලි හා ඇඟලුම් ආදි ක්ෂේත්‍රයන්හි අධ්‍යක්ෂ මණ්ඩලවලට කාන්තාවන් පත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

පූර්ණ කුසලතාව තුළින් කාන්තාව සවිබල ගන්වා රටේ ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීමේ සැලසුම් මේ වන විටත් රජය ක්‍රියාවට නංවා තිබෙන අතර නූතන ලෝකයේ ස්ත්‍රියගේ භූමිකාව මැනවින් අවබෝධ කර ගනිමින්, ඒ හා සමතැන් ගත හැකි දිරිය කාන්තා පරපුරක් රට තුළ ගොඩනැංවිම මෙම සියලු කාර්යයන්හි අරමුණයි.

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට සහ “2048 දියුණු රටක්” නිර්මාණය කිරීමට රජය ගෙන යන නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මෙරට සමස්ත කාන්තා පරපුරේ සහයෝගය අපේක්ෂා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක් කටා සහ සළිඳු මෙරටට ගේන්න සී අයි.ඩීයෙන් මෙහෙයුමක් !

Next Post

කෑගල්ල බන්ධනාගාරයෙන් පැන්න රැඳවියෙක් වෙඩි වැදී මිය යයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.