සුළි කුණාටුවක් සමග ඇද හැළුන අසාමාන්‍ය ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඩුබායි හි ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු ඩුබායි බහරේන් සහ ඕමාන් රටවල විශාල භූමියක් ඊයේ (16) රාත්‍රියේ ජලයෙන් යට වී ගියේය.
Dubai Airport right now
pic.twitter.com/FX992PQvAU— Science girl (@gunsnrosesgirl3) April 16, 2024
ඊයේ රාත්‍රියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අධික වර්ෂාපතනයක් ඇද හැලීමත් සමඟ කාන්තාර රට වටා විශාල ගංවතුරක් ඇති වූයේය. ඩුබායි ගුවන්තොටුපල යටවන්නේ ඒ ගංවතුරේ ප්‍රතිඵලයක් ලෙසය.
මෙම යටවීමත් සමග වීමත් සමඟ ජාත්‍යන්තර මගීන් සඳහා ලොව කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථානයක්වන ඩුබායි ගුවන් තොටුපලට මිනිත්තු 25කට ආසන්න කාලයක් ගුවන් ගමන් අත්හිටවූයේ ය. ඊයේ රාත්‍රි 7.26ට එම තාවකාලික ගුවන් මෙහෙයුම් අත්හිටුවීම තහවුරු කර තිබිණි.
අඟහරුවාදා සවස ගුවන් ගමන් 100 කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂාවෙන් සිටි ගුවන් තොටුපළ, කුණාටුව නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වය තුළ සිය මෙහෙයුම් කෙටි කළේය. කාලගුණ තත්ත්වය යහපත් වන තෙක් අඟහරුවාදා සවස පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව හරවා යැවීමට ගුවන්තොටුපල බලධාරීහු තීරණය කළේය. පිටත්වීම් දිගටම ක්‍රියාත්මක වෙමින් පැවතිනි.
මැදපෙරදිග මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි නගරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් හරහා ගැලූ මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් අඩපණ වුනේය.
Current weather in Dubai pic.twitter.com/v6dqxaA97A
— CLEAN CAR CLUB (@TheCleanCarClub) April 16, 2024
ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇති වුන මෙම දැවැන්ත ගංවතුර නිසා ඉරිදා සහ සඳුදා ඕමානයේ 18 දෙනෙකු මිය ගිය බව විදෙස් පුවත් වාර්තා කරයි.