කීර්ති ප්‍රනාන්දු –
පාප්වහන්සේ බැහැ දැක ඉතාලියේ ශාන්ත අන්තෝනි මුණිතුමන්ගේ දේවස්ථානයේ දී විශේෂ දේව මෙහෙයක් ද පවත්වා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම සම්බන්ධ කාරණාව ලෝක අවධානයට ලක් කළ කාදිනල්තුමා, කතෝලික සභාවේ පූජක තුමන්ලා සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිස හෙට (04) දිවයිනට පැමිණීමට නියමිතය.
එම පිරිස කණ්ඩායම් දෙකක් වශයෙන් ලංකාවට පැමිණෙන බවත්, කාදිනල් තුමා ඇතුළු පූජකතුමන්ලා පිරිසක් හෙට උදෑසන 9 ට පමණත්, පාස්කු වින්දිතයින් ඇතුළු පූජක තුමන්ලා කණ්ඩායමක් හෙට සවස 06ට පමණත් කටුනායකට පැමිණෙන බව කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ලංකාසරට පැවසීය.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිස් සහ ජීවත්වන වින්දිතයන් වෙනුවෙන් කාදිනල් තුමාගේ මූලිකත්වයෙන් ඉතාලියේ රෝබයේ පාදුවා නගරයේ ශාන්ත අන්තෝනි මුණිතුමන්ගේ දේවස්ථානයේ දී මෙම විශේෂ පූජාව මැයි 01 දා පැවැත්විනි. එම දේවස්ථාන ඉතිහාසයේ පළමු වරට සිංහල භාෂාවෙන් දේව මෙහෙයක් පවත්වූ අවස්ථාව එයය. දේව මෙහෙය පවත්වනු ලැබුවේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ආරාධානව පරිදිය.
මෙම පිරිස ශුද්ධෝත්තම පාප්වහන්සේගෙන් ආශීර්වාද ලබා ගත්හ.