අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ආයතනය නිලවරණය ඉලක්ක කරන් තිස් අට කෝටි අසූපන් ලක්ෂයක් බෙදලා…

තොරතුරු දැනගැනීමේ පනතින් ලබා ගත් තොරතුරුවලින් හෙළිවේ...පිරිසක් අධිකරණයට යෑමේ සැලසුමක්...

by editor
මාර්තු 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණය ඉලක්ක කර අනුබද්ධ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ සඳහා රුපියල් මිලියන 338.5 ක් බෙදා දී  ඇතැයි වාර්තා වේ.

සන්ඩේ ටයිම්ස්  පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ විමසීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලවරණය ඉලක්ක කර මෙසේ රුපියල් මිලියන 338.5 ක් බෙදා දී ඇතැයි අනාවරණය වී ඇත.

මෙහි සඳහන් රුපියල් මිලියන 338.5 ක මුදල ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනය හා දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් වැටුප් ලෙස පසුගිය වසර දෙක තුළදී සිදුකර ඇති වියදම් පමණක් බව වාර්තා වේ.   2019 වසරේදී සාමාජික සංවර්ධන හා වාර්ෂික ප්‍රදාන ලෙස රුපියල් මිලියන 125 ක් ලබා දී ඇත. එහෙත් පසුගිය වසරේදී සාමාජික දායකත්වය    රුපියල් මිලියන 213.9 ක් ලෙස ඉහළ ගොස් ඇත. එය 2019 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 88.9 ක ඉහළ යාමකි.

ක්‍රිකට් සංවර්ධන අරමුදල් ලෙස පාලක සමාජ 29 අතර රුපියල් මිලියන 35.1 ක් බෙදා දී  ඇතැයි ද ඒ අතරින් රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වැනි ප්‍රමුඛ පෙළ හා අනුබද්ධ ක්‍රීඩා සමාජ 22 ක් සඳහා බෙදා දී ඇත්තේ   රුපියල් මිලියන 12.5 ක් පමණක්  බව ද එම වාර්තා පෙන්වා දෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ක්‍රීඩාංගණ, සමාජ ශාලා, ගෘහස්ථ සංවර්ධනයට  යැයි කියමින්  තවත් ව්‍යාපෘති 20 කට රුපියල් මිලියන 116 කට අධික මුදලක් ලබාදී තිබේ. මෙම මුදල් බෙදිල්ලේ විශාලතම ප්‍රතිලාභියා වී ඇත්තේ ක්‍රිකට් ආයතන සභාපතිවරයා විසින්   සභාපතිත්වය දරන  කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජයයි (CCC).  එම ක්‍රීඩා සමාජය රුපියල් මිලියන 20 ක් ලබාගෙන ඇත. ඒ රුපියල් මිලියන 10 ක් ප්‍රදානයක් ලෙසත් ඉතිරි රුපියල් මිලියන 10 ණයක් ලෙසත්ය.   එහෙත් කෝල්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඇතුලු ක්‍රීඩා සමාජ 5 ක් සඳහාම සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇත්තේ රුපියල් මිලියන 10 ක් පමණයි. ඒ එක් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 2 බැගිනි.

කෙසේ වෙතත් ක්‍රීඩා සමාජ ගොඩනැගිල්ලක් හෝ හෝ නැති තෙවන පෙළ ක්‍රීඩා කරන කොළඹ නගරසභා ක්‍රීඩා සමාජය වැනි ක්‍රීඩා සමාජ  සදහා අනවශ්‍ය ලෙස රුපියල් මිලියන ගණන් වැය කිරීම හුදෙක් ඡන්ද මිලදී ගැනීමක් බව විචාරකයෝ කියති. නෝ මෑන්ස් ක්‍රීඩා සමාජය සඳහා ලබා දී ඇති රුපියල් මිලියන ගණන, වැටී ඇත්තේ එම ක්‍රීඩා සමාජ ගිණුමටද නැත්නම් එහි හිමිකරු ගේ ගිණුමටද යන්න ගැටලුවක් බව ඔවුහු පෙන්වා දෙති.

මෙසේ වැය කර ඇති මුදල් ඡන්ද වෙනුවෙන් ක්‍රීඩා සමාජයට ගොස් ඇත්ද නැත්නම් ක්‍රීඩා සමාජ පාලකයන්ගේ සාක්කු පුරවා ඇත්දැයි සොයන ලෙස අධිකරණයෙන් ඉල්ලීමටත් පාර්ලිමේන්තු කෝප් කමිටුවට පැමිණිලි කිරීමටත් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරාගෙන මැරෙන කොටින්ගෙන් බේරුණත් ඒඑස්පී එරික් ඇමතිගේ බිල්ලක් වෙයි

Next Post

අපේක්ෂා රෝහලේ හෙදියන් විකිරණශීලී බංකරයක සිර කළ විකිරණ ශිල්පීන් 02 අත්අඩංගුවට

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.