අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ක්‍රිෂ් ගනුදෙනුවේ දී  නාමල් එක්කම ගේම ගැසූ බවට චෝදනා ලද හිටපු ඩි.අයි.ජී. රවී විද්‍යාලංකාරට එරෙහිව අල්ලස් කොමිසම විමර්ශන අරඹයි!

by editor
පෙබරවාරි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව විමර්ශන කළ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර  සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් කොමිසම වාර්තාවක් ඉදිරිපත් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ ඊයේ (28) දැනුම් දුන්නේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානියා වන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර යන අය ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගය අනුව ඔහුගෙන් ඉදිරි දිනයක ප්‍රකාශයක් සටහන් කිරීමට නියමිත බවත් ඊට අදාළ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ එවකට සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර යන අය විසින් අල්ලස් ගෙන විමර්ශන නිසියාකාරව සිදු කර නැති බවට ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ  වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥ මඩුල්ල පෙර දින සිදු කළ ඉල්ලීම අනුව කළ නියෝගවල ප්‍රගතිය පරීක්ෂා කිරීමට නඩුව ඊයේ නැවත කැඳවිණි.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ වාර්තාවක් අධිකරණයට යොමු කරන ලෙස අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කළ අධිකරණ නියෝගය ප්‍රකාරව අද වාර්තාවක් ගොනු කර තිබිණි.

“රවී විද්‍යාලංකාර යන අය විමර්ශන නොමග යවා තියෙනවා. බී වාර්තා 18න් 15 ක් නොමග යවලා. 2016.7.11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ යන අය මීට අදාළව අත්අඩංගුවට ගෙන ඇප නොදෙන ලෙසත් ක්‍රිෂ් ගොඩනැඟිල්ල පරීක්ෂා කර ලේඛන අත්අඩංගුවට ගැනීමට ඇති බවත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊට පසු දින (2016.07.12) රවී විද්‍යාල­කාර යන අය ක්‍රිෂ් ආයතනයට ලිපියක් යොමු කරමින් මෙහි වංචනික ගනුදෙනුවක් සිදු වී නැති බව දැනුම් දී ඇතැයි දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් නීතිඥ සුනිල් වටගල අධිකරණයට දක්වා සිටියේය.

විමර්ශන යට ගසමින් අල්ලස් ලබා ගෙන නිවාස පවා ලබා ගෙන වරදාන ලබා ගෙන ඇති රවී විද්‍යාලංකාර යන අය 2022 වනවිට ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ බව අධිකරණයට දන්වා සිටි නීතිඥවරයා රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කටයුතු කළ මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරන බව කීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටි අතර පැමිණිලිකරු වන වසන්ත සමරසිංහ ද අධිකරණයේ පෙනී සිටියේය.

රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. ( සුභාෂිනී සේනානායක – දිනමිණ)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකට හිටි පාතලයෙකුගේ ඔත්තුවකට මන්නා රමේෂ් සාජා පොලිසියට කොටු වෙයි… රටට ගෙන්වා ගැනීමට හැකි ආකාරය ගැන ආරක්ෂ අංශ සොයා බලයි!

Next Post

මරා දැමූ සැමියාගේ අවසන් කටයුතු කරගන්නවත් පූටින් ඉඩ දෙයි දැයි සැකයි… රුසියානු විපක්ෂ නායක බිරිය යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.