ශ්‍රියානි විජේසිංහ –
ක්‍රියාත්මක කරන සමාගමට මුදල් නොගෙවීම නිසා කොළඹ ජාතික රෝහලේ තොරතුරු කළමණාකරන පද්ධතිය දින කීපයක සිට බිඳවැටීම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් මුලුමනින්ම නතරවීමේ අවදානමක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පද්ධතිය බැද වැටීම හේතුවෙන් දිනකට සිදුකරන එක්ස් කිරණ පරික්ෂණ , එම්.ආර්.අයි පරික්ෂණයන්, සීටී පරික්ෂණයන් ඇතුළු රෝග විනිශ්චය ඡායා වාර්තාවන් 1000ට අධික සංඛ්‍යාවක් නතර වී ඇතැයි ඔහු පැවසීය.
රෝගියාගේ මෙම ඡායා වාර්තාවන් පරිගණක පද්ධතිය හරහා අදාල වාට්ටුව වෙත යොමුකිරීමට නොහැකි වීමෙන් අදාල රෝගියාගේ රෝග විනිශ්චය ලබා ගැනීමට වෛද්‍යවරයාට නොහැකි වන බවත් මේ හේතුවෙන් රෝගියාට නිසිලෙස ප්‍රතිකාර කිරිමට හැකියාවක් නොමැති බවත් එම ප්‍රකාශකයා සඳහන් කරයි.







