මාසයක් පුරා සාර්ථක ලෙස සාම්කාමී උද්ඝෝෂණ සිදු කළ දකුණූ ආසියාවේ පැර්ණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ ප්‍රශ්න විසඳීමට හදිසි නීතිය විසදුමක් නොවනු ඇතැයි යුරෝපා සංගමය පවසයි.
රටේ ජනතාවට නිදහසේ රැස් වී අදහස් ප්‍රකාශ කිරීමේ සහ විසිරීමේ අයිතිය රජය මගින් ස්ථාපිත කළ යුතු බවද ර්ජයේ ක්‍රියාකාරීත්වය යුරෝපා සංගමය සමීපව නිරීක්ෂණය කරන බවද එහි ශ්‍රි ලංකා කාර්යාලය ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.මේ අතර ඇමෙරිකානු තානාපතිනි ජුලි චුන්ග් ද ඊයේ ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති තත්ත්වය විවේචනය කර තිබේ. ඇය ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ ඇමෙරිකාව මේ තත්ත්වය පිළිබඳ කනස්සල්ල පළකරන බවය.
ශ්‍රී ලංකාව මේ වන විට පත්ව ඇති තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමට නම් ඒ සදහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් මිස හදිසී නීතිය පැනවීමෙන් කළ නොහැකි බව තානාපතිවරිය පවසයි.
ජනාධිපතිවරයාගේ මේ තීරණය පිළිබදව සිය කනස්සල්ල පළ කරන කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් ද මාසයක් පුරා නිදහස්ව අදහස් ප්‍රකාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදයක් ප්‍රදර්ශනය කළ ජනතාවක් සිටින රටක් හදිසි නීතිය පැනවීමේ අර්ථය අපැහැදිලී බව පවසයි.
Over the past weeks, the demonstrations across #SriLanka have overwhelmingly involved citizens enjoying their right to peaceful freedom of expression, and are a credit to the country’s democracy. It’s hard to understand why it is necessary, then, to declare a state of emergency.
— David McKinnon (@McKinnonDavid) May 6, 2022