දිනසේන රතුගමගේ –
කිළිනොච්චියේ ධර්මපුරම් ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය ධර්මපුරම් පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු දඩයක්කාරයින් විසින් බදින ලද තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා තිබේ.
ඊයේ (01) සිදුවූ මෙම සිද්ධියෙන් පොලිස් කොස්තාපල්වරයාව ධර්මපුරම් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කිළිනොච්චිය රෝහලවෙත මාරු කොට යවා ඇත.
තුවාල ලබා ඇත්තේ 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ධර්මපුරම් ප්‍රදේශයේ පිරිසක් කසිප්පු පෙරමින් සිටින බව්ට ලද තොරතුරක් මත ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග මෙම කොස්තාපල්වරයා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබේ.
තුවක්කුව බදින ලද පුද්ගලයා සෙවීම පිණිස කිළිනොච්චිය ධර්මපුරම් පොලීසිය මෙහෙයුමක් දියත් කොට තිබේ.