කල්මුනේ මද්‍රසා මාවතේ දී දහවල් කඩු රැගත් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් කිහිිපදෙනකු තුවාල ලබා කල්මුනේ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් කඩු පහර කෑ අයෙක් මේ වන විට බරපතල තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
මෙම කඩු විදෙස් රටවල නිෂ්පාදනය කළ ඒවා බවට හඳුනාගෙන ඇත.
කල්මුනේ මද්‍රසා පාරේ අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ යතුරුපැදිකරුවකුට පදිංචිකරුවකු විසින් එම ප්‍රදේශයෙන් යනවිට සෙමෙන් ධාවනය කරන්නැයි අවවාද කර තිබේ.
ඒ එම ප්‍රදේශයේ කුඩා ළමුන් බහුලව සිටින බැවින් මාර්ගයට නිතර එන තත්ත්වයක් පවතින බැවිනි.
ඉන් ටික වෙලාවකට පසු එම ස්ථානයට කඩු රැගත් පිරිසක් සමග පැමිණි මෙම පුද්ගලයා වීදියේ සිටි පිරිසට හා එම පදිංචිකරුගේ නිවසට පහර දී ඇත.
සැකකරුවන් කිසිවකුත් මේ වන විටත් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නැත.