සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලබල වෙන්න එපා… කුමන්ත්‍රණයක් නෙමෙයි… අලියා බය උනේ පොඩි එකෙකුගේ නලාවකට…

අලි කුලප්පුව ගැන ගල්මඩුල්ල පන්සලේ රත්න ඇතාගේ ඇත් ගොව්වා කියන ඇත්ත කතාව ....

by editor
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර අලි කුලප්පුව ගැන දැන් විවිධ කතා ඇසේ.  සමාජ මාධ්‍ය ඔස්තාද්ලා අනේක විධ මත පලකරමින් සිටිති. අයෙකුට අනුව මේ සංවිධානාත්මක කුමන්ත්‍රණයකි. එය සිංහල බෞද්ධ විරෝධී බලවේග විසින් සංවිධානය කර ඇත.

තවත් අයෙක් පවසන්නේ පෙරහරේ ගමන් ගත් ගල්මඩුල්ල පන්සලේ රත්න අලියාගේ  වම් ඇස ඉලක්ක කරගෙන ලේසර් කිරණ අල්ලා අලියා කුලප්පු කළ බවය. එය පසුපස ඇත්තේත් මහා කුමන්ත්‍රණයකි.  මේ සිංහල බෞද්ධ රටට හැම එකාම කරන්නේ කුමන්ත්‍රණය.

මේ අලි කුලප්පුවේ ඇත්ත කතාව මොකක් ද?  අලි ඇත්තු පස් දෙනෙක් කලබල වීමත් මින් මතුවට එවැනි සිදුවීම් වැලැක්වීමත් අරමුණු කරගෙන අද (23)     දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල  ගේ ප්‍රධානත්වයෙන් පෙරහර සංවිධායක මණ්ඩලය හා ඇත් ගොව්වන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැතවුනේය.

අලි කලබලයේ සැබෑව එළිවන්නේ එවිටය. ඒ කතාව මහා කුමන්ත්‍රණාවලියකින් මත් වී සිටිනා අපේ ශ්‍රද්ධාවනතයින්ගේ අපේක්ෂා නම් බිඳ දමන්නේය.

සිද්ධියේ මුල මැද අග දන්නේ  කලබලයට පත් වූ ගල්මඩුල්ල පන්සලේ රත්න ඇතා ලඟින්ම සිටි ඇත්ගොව්වාය. ඔහු අශෝක චන්ද්‍රසිරිය.  අශෝක කුලප්පුවේ කතාව රැස්වීමේ දී කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රත්න හිටියෙ කතරගම පෙරහරේ කරඬුව වැඩම කරන ඇතාගේ දෑලේ…  එයා හිටියේ වම් කරඬුව වැඩම කරන ඇතාගේ වම් පැත්තේ.

රත්න පත්තිරුප්පුව ඉදිරිපිටට එනතෙක්ම ඉතා ශාන්තව ආවා. ඒ ඉදිරිපිට පඩි පෙළ නැගලා දළදා වීදියට පිවිසෙද්දි අලියා වැව අද්දර යකඩ වැටට එහායින් වාඩිවෙලා  පෙරහර බලාගෙන හිටපු අය දිහාට හොඬේ දික් කළා.

ඒත් එක්කම එතන හිටිය ළමයෙක් මොකද කළේ…   පිඹිනකොට දිග ඇරෙන නළාවක් පිම්ඹා. නලාවේ ශබ්දෙත් එක්කම දිගඇරුණු කොටස අලියගේ හොඬේ ඇඟිල්ලේ වැදුනා.   අලියා බය වෙලා එකපාරටම පැත්තකට හැරුණා.

හැරුණ වේගෙට කතරගම පෙරහරේ කරඬුව වඩම්මන ඇතාගේ ඔළුව එයාගෙ ඔළුවේ වැදුනා. එ් එක්කම රත්න කලබල වුනා. එයා පාරා දිගේ ඉස්සරහට දිව්වා. “

කලබලය පටන් ගත්තේ එහෙමය.

රත්න අලියා අවුරුදු 25ක් තිස්සේ පෙරහරේ යන්නේය. ඌට පෙරහර පුරුදුය. කලබලයක් නැත. මෙතෙක් කිසිම කෙනෙකුට කරදරයක් ද සිදුකර නැත.

ඉදිරියට දිවගිය රත්න  පිටේ සිටි දෙන්නා ගෙන් එක් කෙනෙක් ඇත්ගොව් අශෝක විසින් බිමට බස්සවාගෙන තිබිණි. අනෙක් පුද්ගලයාත් පහළට පැන ඇත.

සිද්ධිය නිසා කිසිවෙකුට අනතුරක් නැත.  “පෙරහර ලඟ ඉඳන්  සමහරු නළා පිඹිනවා. තවත් අය ලේසර් කිරණ අල්ලනවා. ජංගම දුරකතනවල ෆ්ලෑෂර්   අල්ලනවා. මේවා නිසා තමයි සමහර අලි කලබල වෙන්නේ…” අශෝක කිව්වේ එසේය.

දළදා මාලිගාවේ අලි ඇතුන් භාරව කටයුතු කරන්නේ  ප්‍රදීප් මියනපලාවය. ඔහු ඉල්ලා සිටින්නේ පෙරහර වීදි සංචාරය කරන අවස්ථාවල විශාල ශබ්ද නොකරන ලෙසය.

“ ඊයේ මහනුවර පෙරහරේ දී අලි කුලප්පුවක් සිදුවුණේ නැහැ. ඒක වගකීමෙන් කියන්න පුළුවන්. සිද්ධ වුනේ එක්   අලියෙක් බය වෙලා දිවීම. ඒ නිසා තවත් අලි කිහිප දෙනෙක් කලබල වුණා. කලබල වූ අලි හතර දෙනෙක්  අල්ලලා  බැඳ දැම්මා.ඒ අලි ඉවත් කරලා පෙරහර වීදී සංචාරය කළා.

ඇත් ගොව්වන්ට හෝ ජනතාවට කිසිදු පහරදීමක් වෙලා නැහැ. අපි පෙරහරට අලි ගේන්නේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරලයි. කලබල වී නොසන්සුන් ලෙස හැසිරුණු  සියලු අලි ඇතුන්ට විවේකයක් ලබා දුන්නා.

ප්‍රදීප් මියනපලාව කීවේය. රෑ තිස්සේ විදී සංචාරය කරන්නේ කානිවල් එකක් නොවේ. දළදා වහන්සේ උදෙසා කරන ගෞරවණීය පූජා මංගල්‍යයකි. එනවා නම් එන්න ඕනෑ ඒ පින්කම විඳින්නට තරම් සංවරයක් ඇති උන්ය.

නිදි මරාගෙන කානිවල් යන්නාක් සේ පෙරහර බලන්න එන අසංවර මිනිසුන්ගේ  අවිනීත හැසිරීම් නිසා ඇතිවන ප්‍රතිඵල අන්තර්ජාතික බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයකට පරිවර්තනය කරනු ඇසෙන විටනම්  විලි ලජ්ජාවේ පණ යන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට නව පීඨාධිපතිවරයෙක් පත් කෙරේ!

Next Post

ගනි අවි පෙන්වා අහසට වෙඩි තබා ලක්ෂ 54ක මැණික් ගල් 03ක් කොල්ල කෑ වනජීවී නියාමකයින් 02ක් ඇතුළු 04ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.