සිය ශ්‍රී ලංකීය පෙම්වතා සමඟ යාපනය කරෙයිනගර්හී පිහිටි කෝවලන් ප්‍රදීපාගාරය නැරඹිමට ගිය 27 වියැති ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ තරුණයින් 10 දෙනෙක් කරෙයිනගර් පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ලංකාවේ සංචාරයක නිතරව සිටි මෙම තරුණ යුවල යාපනයට පැමිණ තිබුණේ මින් දින තුනකට පමණ පෙරය. යතුරු පැදියක නැගී කේවිලන් ප්‍රදීපාගාරයට ඔවුන් ඊයේ සවස පැමිණ තිබේ.
දැනට වල්බිහිවී ඇති මේ භූමියේ ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇත. ස්පාඤ්ඤ තරුණිය දුටු විගසම මෙම තරුණ බේබද්දන් පෙම්වතා පසෙකට තල්ලු කර ඇයව වටකරගෙන ලිංගික අඩම්තේට්ම් කිරීමට පටන් ගෙන තිබේ.
දැඩි පරිශ්‍රමයකින් පසු සිය පෙම්වතිය බේරාගත් තරුණයා සිය පෙම්වතිය ද රැගෙන යතුරුපැදියේ නැගී එම ස්ථානයෙන් පිටව ගොස් ආසන්නම පොලිස් ස්ථානය වූ කරෙයිනගර් පොලිස් මුරපොළට සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් කර ඇත.
පොලිස් නිලධාරීන් එම අවස්ථාවේ දීම ප්‍රදීපාගාරය වෙත ගොස් ස්පාඤ්ඤ ජාතික තරුණියට අතවර කළ බීමත් තරුණයින් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහි රැදී සිටි තවත් කිහිප දෙනෙක් පොලිසිය පැමිණීමත් සමග පළාගොස් ඇත. අත්අඩංගුවට ගත් තරුණයින් අවුරුදු 20ත් 23ත් අතර වයස්වල පසුවන්නන්ය.
මෙම සැකකරුවන් කයිට් පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව අද කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සැක කරුවන් 10 දෙනා ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කයිට්ස් අධිකරණය නියෝග කර තිබේ.