ලලිත් චාමින්ද –
කරාපිටිය, බෝගහවේල්ල ප්‍රදේශයේ දී නොනවත්වා ධාවනය විම නිසා පොලිස් වෙඩි පහරට ලක්ව වෙඩි නොවැදි පලා ගිය ත්‍රිරෝද රථයේ රියදුරු දුම්රියකට පැන දිවි හානිකරගෙන ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.
මියගොස් ඇත්තේ නානායක්කාරවසම් සේරුකන්දගේ විශ්ව සුරරත්න (32) නැමති හපුගල මවුන්ට්පර්සන්ට වත්ත ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න විසින් සිදුකරනු ලැබිය.
මොහු වැද්දුම්කරුවකු ලෙස රැකියාව කරණ අයෙකි. මොහු ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියකට ගිංතොට සතරමහා දේවාලය අසලදි ගෙලතබා ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
මෙකි පුද්ගලයා අම්මේ දුක්වෙන්න එපා කියා මවට ලිපියක් ලියා තබා මෙසේ දිවිහානිකරගෙන ඇති බවද මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.
පොලිසිය විසින් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු මොහු තම මවට දුරකථනයෙන් කථාකොට ඇති අතර පොලිසිය තමන්ව අධිකරණයට ඉදිරිපත් කොට දඩුවම් කරනු ඇතැයි බියෙන් සිටින බව පවසා ඇත. මේ තැනැත්තා පොලිසියට බියෙන් සැගවි සිට තිබේ.
මොහු සහෝදරයාගේ ත්‍රි රෝද රථය රැගෙන ගොස් ඇති බවත්, ත්‍රි රෝද රථය සදහා ආදායම්බලපත්‍ර තිබි නැති අතර කරාපිටිය ගොඩකන්ද මාර්ගයේ බෝගහ වේල්ල ප්‍රදේශයේ දි ඉකුත් 22 වැනිදින මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් මෙම ත්‍රි රෝද රථය පරික්ෂාකොට ඇත.
ත්‍රි රෝද රථයේ පිටුපස සිටි පුද්ගලයාට පොලිසිය විසින් අත්විලංගු දැමිමට උත්සාහ කිරිමේ දි ඔහු පොලිසිය සමග පොරබැද පලාගොස් තිබුණි.
ඒ සමග මොහු ත්‍රි රෝද රථය ධාවනය කොට ඇති අතර පොලිසිය විසින් ත්‍රි රෝද රථයට එක් වෙඩිල්ලක් තබා තිබුණි.
පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සි.ටි මහානාම මහතා විසින් සිදුකළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂක වරයා හිසට වු තුවාල නිසා මරණය වි ඇති බවට තින්දු කළේය.