අද (25) වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට යළිත් වරක් රටට පොලිස්පතිවරයෙක් නොමැති සංක්‍රාන්ති කාලයක් උදාවීමට නියමිතව තිබේ.
අද මධ්‍යම රාත්‍රියෙන් පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නගේ පළමු සේවා දිගුව අවසන් වීමට නියමිත අතර මෙතෙක් නව පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපති වරයා විසින් ව්‍යවස්ථා දායක සභාව වෙත කිසිම නමක් ඉදිරිපත් කර නැත.
එමෙන්ම මේ වනවිට මාස 03ක පළමු සේවා දිගුව ගෙවා ඇති වත්මන් පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දීම සම්බන්ධව නිශ්ඡිත එකඟතාවයක් ද ප්‍රකාශ වී නැත.
වත්මන් පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ නම් ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය ලබා දිය යුතුව ඇත.
මෙවැනි තත්ත්වයක් පසුගිය මාර්තු 27 සහ 28 දෙදින තුළ පැවතිනි. ඒ වත්මන් පොලිස්පතිවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු පළමු සේවා දිගුව ලැබෙන තුරු කාලය තුළය.
කෙසේ වෙතත් මේ වනවිට යළිත් නව පොලිස්පති ධූරය සඳහා ඉහළ ම පොලිස් නිලධාරීන් අතර යළිත් සීතල යුද්ධයක් ආරම්භ වී තිබේ.
අති විශේෂ තත්ත්වයක් නොමැතිව ඉතිහාසයේ පළමු වරට කෙටි රාජ්‍ය තාන්ත්‍රික හමුවක් වෙනුවෙන් විදේශ ගතව සිට දිවයිනට එන ජනපති සඳහා ගුවන්තොටුපලේ සිට කොළඹ දක්වා අධි ආරක්ෂිත වැඩ පිළිවෙළ හදන කැපී පෙනෙන ක්‍රියාකාරකම්වල සමහර පොලිස් නිලධාරීන් නිරතව ඇත්තේ මේ තත්ත්වය තුළ බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.