කොවිඩ් වෛරසයට අදාල ඖෂධයක් නිපදවූ බව කියා එය ප්‍රවර්ධනය කරමින් සිටිය දී ඊයේ වැඩ තහනමට ලක් වූ කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා අදාල ඖෂධය නිපදවා ඇත්තේ උම්බලකඩ, තුනපහ වර්ග, ඇඹරීම සඳහා තත්ත්ව සහතිකය ලත් අලුත්ගම ප්‍රදේශයේ ඇඹරුම්හලකින් බව හෙළිදරව් වී තිබේ.
මෙසේ වැඩ තහනමට ලක්වූයේ කරාපිටිය රෝහලට අනුයුක්තව සේවය කළ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන නැමැති වෛද්‍ය වරයෙකි.
කිසිම සෞඛ්‍ය ආරක්ෂිත තත්ව කළමනාකරණයකින් තොරව නිපදවූ මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව සිදු කරන ලද විධිමත් විනය පරීක්ෂණයකින් අනතුරුව වැඩ තහනම් කළ බව සඳහන් කළ ලිපිය මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කරාපිටිය රෝහල වෙත යවා තිබේ.
ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ද අවසරය ලැබී ඇත. .







