කිර්ති ප්‍රනාන්දු –
මේ ඉන්ධන මිල ඉහළ යෑම සමග බේකරි නිශ්පාදනවල මිල වැඩිකිරීම ප්‍රයෝජනයක් නැති බවත් සිදුවනු ඇත්තේ කර්මාන්තයේ නිශ්චිත කඩාවැටීම පමණක් බවත් සමස්ත ලංකා බේකරි හිමියන්නේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේය.
ලංකාසර කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ පසුගිය දා පිටි වැඩිවීමත් සමග කළ මිල වැඩිකිරීමෙන් පසු බේකරි නිශ්පාදනවල අලෙවිය සියයට පනහකින් බිඳ වැටුණු බවය.
මේ මිල ගණන්වලට ආහාර මිලදී ගැනීමේ හැකියාවක් ජනතාවට නැති බව කී සභාපතිවරයා නිශ්පාදන පිරිවැය නිශ්පාදකයාට දරා ගැනීමට නොහැකි තත්ත්වයක දී මේ කර්මාන්තයට පැවැත්මක් නැති බව පෙන්වා දුන්නේය.
“ රටේ බේකරි හත්දාස් පන්සීයක් විතර තියනවා. ඉන් තුනෙන් එකක් ඒ කියන්නෙ දෙදාස් පන්සියයක් විතර වැඩ කරන ඉන්ධන ප්‍රභවය ඩීසල්. සාමාන්‍ය මට්ටමේ බේකරියකට දවසකට ඉන්ධන ලීටර 200ක් වැය වෙනවා අවන් ටික දුවාගන්න… මේ මිල වැඩිකිරීමත් එක්ක ලීටර 200කින් වැඩ කරන බේකරි හිමියෙක් දවසකට අමතරව රුපියල් විසි දෙදාහක් හොයන්න ඕන. කොහොමද එහෙම හොයන්නෙ. “
“දවස ගානෙ මිල වැඩි කරන්නත් බෑ… පහුගිය දවස්වල කළ මිල වැඩිවීම එක්ක අලෙවිය සියයට පහනක් විතර අඩු වෙලා. තවත් මිල වැඩි කරලා තේරුමක් නෑ. එහෙම වැඩි කරලා කාටද විකුණන්නෙ. වෙන දෙයක් බලන් ඉන්නවා…“
සමස්ත ලංකා බේකරි හිමියන්නේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කීවේය.