ඊයේ දිනය පුරා කම්කරුවන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවාගෙන දිවයින පුරා පෝස්ටර් දහ තුන් ලක්ෂ තිස් හය දහස (13,36,000)කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව කියයි. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඇලවීමට සූදානම් කර තිබූ පොස්ටර් 6,41,000ක් පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු පවසයි.
බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් පිළිබඳ පැමිණිලි මේ දක්වා පොලිසියට ලැබී නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. ඔහු අදවනවිට මැතිවරණය සම්බන්ධව පුද්ගල හැසිරීමේ ස්වරූපය මෙසේ විස්තර කළේය.
” ඒ වගේම බැනර් 1136ක්, විනාශ කළා. අපේ භාරයට අරන් තියනවා 534ක්. කටවුට් 1156ක් විනාශ කරලා තියනවා. භාරයට අරන් තියනවා කටවුට් 1674ක්. දැන්වීම් සහ අත් පත්‍රිකා හය දහස් 6075ක් විනාශ කරලා භාරයට අරන් තියනවා 69,630ක් පමණ.
ඒ වගේම මේ කාල සිමාව තුළ මැතිවරණ පැමිණිලි 446ක් පොලිසිය වෙත වාර්තා වුනා. මේවායින් අපරාධමය ස්වභාවයේ පැමිණිලි තිබුණා 61ක්. මේ අපරාධමය ස්වරූපයේ පැමිණිලි වුවත් සුළු දේවල්. බැණ තර්ජනය කිරීම් වැනි සිද්ධි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 385ක්. බරපතල ගණයේ අපරාධමය සිද්ධි වාර්තා වෙන්නේ නෑ.
මැතිවරණ නීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයින් 441ක් අත් අඩංගුවට ගන්නවා. ඒ අතර අපේක්ෂකයින් 14ක් ඉන්නවා. ආධාරකරුවන් 424යි. වාහන 111ක් අත් අඩංගුවට ගන්නවා. මේ අත් අඩංගුවට ගැනිම් තුළ රජයේ වාහන නෑ.







