අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කබ්‍රාල් සුපර් මෑන්ට ඇඳගෙන විදේශ සංචිතය වැඩි කිරීමේ කතාව කැලණියේ නයාගේ කතාව වගේ එකක්!

by editor
දෙසැම්බර් 29, 2021
in පුවත්
HARSHA-DE-SIVA
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව දැවැන්ත විනිමය අර්බුදයට මුහුණ දී සිටින මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 3.1 ක් දක්වා වැඩිවී ඇතැයි කෙරෙ    සංදර්ශනය, කැලණියේ නයා ගෙන්වූවාට සමාන සංදර්ශනයක් බව    සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  කියයි.

ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව වැනි වගකිව යුතු ආයතනයක් මෙම සංචිත වැඩිවූ ආකාරය පිළිබඳව මූලාශ්‍ර හෙළි කිරීමෙන් හිතාමතාම වැලකී ඇති බවයි.

වර්තමාන ආණ්ඩුව පිළිබඳව ජනතාව තුළ තිබෙන ප්‍රතිරූපය දිනෙන් දිනම බිඳවැටෙමින් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව සහ එහි අධිපතිවරයා විසින් ජනතාවට සත්‍ය වසන් කරමින් ව්‍යාජ චිත්‍රයක් මතුකරමින් සිටින්නේ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද  සිල්වා කියයි.

“අපි උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. ගෑස්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගේන්නවත් ඩොලර් නෑ. මෙම විදේශ විනිමය අර්බුදය විසඳීමට කෙටි කාලීන ප්‍රවේශයක් ලෙස මූල්‍ය අරමුදලට යන්නැයි විද්වතුන් උපදෙස් දුන්නත් මේ ආණ්ඩුව ඒක ගණන් ගත්තේ නෑ. “

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

“දැන් මහ බැංකු අධිපතිවරයා සුපර් මෑන් කෙනෙක් විදිහටයි කතා කරන්නේ. කිව්ව විදිහට විදේශ සංචිතය වැඩි කළාලු. එහෙනම් හෙට ඉඳල සියළු ප්‍රශ්න විසඳෙන්න ඕන. කාවද මේ රවටන්නේ? මේ සංචිත වැඩිවීමත් අර කැළණියේ නයා වගේ කතාවක්. අපිට ආරංචි වෙන විදිහට මේ සංචිත වැඩිකරගෙන තියෙන්නේ චීනයෙන් ලැබුණු යුවාන් බිලියන 10 කින්. ඒවා වියදම් කරන්න පුළුවන් යම් යම් සීමාවන්ට යටත් වී පමණයි.“

දේශපාලකයින් විසින් දිගුකාලීනව රටට සත්‍ය වසන් කිරීමත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ජනතාව පිනවීමත් නිසා රට මේ ආකාරයෙන් අගාධයට ගියබව පෙන්වා දුන් ආචාර්ය හර්ෂ ද සිල්වා  පවසන්නේ රට මුහුණ දෙන සැබෑ විදේශ විනිමය අර්බුදය වසන් කරමින් මේ ආකාරයෙන් මාධ්‍ය සංදර්ශන ඉදිරිපත් කිරීමෙන් රට තව තවත් අගාධයටම ගමන් කරන බවයි.

“මේ ආණ්ඩුවට දිගුකාලීන දැක්මක් නෑ. එදා වේල ටුවර්ස් තමයි වැඩ කරන්නේ. නිල විදේශ සංචිතය කොහෙන් හරි අතමාරුවක් අරගෙන කෙටි කාලයකට වැඩිකරගෙන ගහන්න තියන හැම කරණමක්ම ගහනවා. මේකට කියන්න තියෙන්නේ නැව ගිලුණත් බෑන් චූන් කියලයි. අපිට ඩොලර් බිලියන 3.1 ක් හැරෙන්නවත් මදි. ටික දවසක් මේ සතුට තියේවි. ආයිත් අර පරණ දුකටම වැටෙනවා. මේ නිසා, මෙම විදේශ විනිමය අර්බුදය පිළිබඳව මීට වඩා වගකීමකින් කටයුතු කර එය දිගුකාලීනව තිරසාරව විසඳාගන්නා මාර්ගයකට අපි රටක් විදිහට අවතීර්ණ විය යුතුයි. මේ මාධ්‍ය සංදර්ශන වලින් නම් රටට වැඩක් වෙන එකක් නෑ.“

මේ වනවිට, මෙරට වෙළෙඳපොළේ තිබෙන ඩොලර් ප්‍රමාණයත් මහ බැංකුව අළුත් නීති රීති දමමින් ඇද ගනිමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා  වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“වෛද්‍ය පාදෙණියගේ බිරිඳගේ සිසේරියන් එක කළෙත් වෛද්‍ය සාෆි”- මන්ත්‍රී නලීන් බණ්ඩාර

Next Post

අවම බස් ගාස්තුව රුපියල් 03කින් වැඩි වේ… නව අවම බස් ගාස්තුව රුපියල් 17යි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.