බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කප්පමක් ඉල්ලා දවුලගලදී පාසල් සිසුවියක් පැහැර ගනී… වීඩියෝ දර්ශන සහිතයි!

by editor
ජනවාරි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උසස් පෙළ පෞද්ගලික පන්තියකට සහභාගී වී පැමිණෙමින් සිටි 19 හැවිරිදි පාසල් සිසුවියක් කප්පම් ලබා ගැනීමේ අභිලාෂයෙන් පැහැරගෙන යන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් අප වෙත ලැබී තිබේ.

මෙසේ පැහැරගනු ලබන්නේ දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ගේ 19 හැවිරිදි දියණියකි. ඇය පැහැර ගන්නා අවස්ථාවේ දී ඇයව බේරා ගැනීම සඳහා තරුණයෙක් ජීවිතයට පරදුවට තබා සටන් කරන ආකාරයත්, ඔහුට සහායට ඒ අවස්ථාවේ දී කිසිවෙක් උදව් නොකරන ආකාරයත් සීසීටීවී දර්ශනවලින් පැහැදිලිව පෙනේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (11) පෙරවරුවේ පෙරවරු 7.15 ට පමණ පාසල් නිල ඇඳුමින් සැරසී සිටින සිසුවියක පැහැර ගන්නේය. ඇයගේ පියා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින තරුණයා මුලින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය ලක්ෂ 30 දක්වා අඩුකර ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අනතුරුව සිසුවියගේ පියා සතු වෑන් රථය ඉල්ලා තිබෙන ඔහු ලක්ෂ 02 ක මුදලක් ගිණුමට බැර කරන ලෙස දැනුම් දී ඇත්තේය. එයට ප්‍රතිචාර දක්වමින් සිසුවියගේ පියා රුපියල් 50000 ක මුදලක් අදාළ ගිණුමට බැරකර ඇත.

පැහැර ගැනීම සිදුකළ පුද්ගලයා සිසුවියගේ මස්සිනා බවට තොරතුරු අනාවරණය වී තිබේ. සිසුවිය පාසල් නිල ඇදුමින් සැරසී මිතුරිය සමඟ පංතියට යමින් සිටිය දී ඔවුන් එන අතරමග නතර කර තිබෙන වෑන් රථයෙන් බසින ඇගේ ඥාති සහෝදරයා බලහත්කාරයෙන් ඇයව වෑන් රථයට නන්වා ගන්නා අයුරු සී.සී.ටී.වී කැමරාවල පැහැදිලිව සටහන්ව තිබේ.

එම අවස්ථාවේ එක් තරුණයෙකු ඇයව බේරා ගැනීම සඳහා සටන් කරන අයුරුත් තරුණයා වෑන් රථයේ එල්ලී මීටර් 500 ක පමණ දුරක් යද්දි ඔහුට පහර දී බිම දැමීමට සැකකරු සමත්ව ඇති ආකාරයත් ඔහුට සහයෝගය දීමට කිසිවෙක් ඉදිරිපත් නොවන ආකාරයත් සීසීටීවී දර්ශනවලින් පැහැදිලිව පෙනේ .

සිසුවිය බේරා ගන්න දිවි පරදුවට තබාන තරුණයා…

කෙසේ වෙතත් ඒ ආසන්නයේ තිබූ යතුරු පැදියකින් කිලෝ මීටර් 20 ක පමණ දුරක් පාසල් ගුරුවරයෙකු වෑන් රථය ලුහුබැඳ ගොස් තිබේ. කටුගස්තොට නගරයේ දී ඔහුට වෑන් රථය මග හැරී තිබෙන අතර පසුව අදාළ වෑන් රථය පොළොන්නරුව නගරය ආසන්නයේ අතහැර දමාගොස් තිබිය දී පොලීසිය පෙරේදා (11) පස්වරුවේ සොයා ගෙන තිබේ.

විමර්ශනවලදී එම වාහනය කුලියට ලබා ගත් රථයක් බවත් 31 හැවිරිදි පුද්ගලයෙක් විසින් එම රථය කුලියට ගෙන ඇති ආකාරයත් පොලිසියට පැහැදිලි වී ඇත. වාහන කුළියට ලබාදෙන ස්ථානය මගින් වෑන් රථයේ ජී.පී.එස් තාක්ෂණ උපාංග සවිකර තිබීම නිසා වෑන් රථය සොයා ගැනීම පහසු වූ බව පොලීසිය පවසයි.

සිසුවිය පැහැරගත් අවස්ථාවේ වෑන් රථය පැදවූ දවුලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා වෑන් රථය පොළොන්නරුව ප්‍රදේශයේ අත්හැර දමා යළි නිවසට පැමිණෙමින් සිටිය දී දවුලගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පැහැර ගැනීමට හේතුව

දහනව හැවිරිදි සිසුවිය සැකකරු ගේ මවගේ සහෝදරයාගේ දියණිය බවත් දියණිය ඔහුට විවාහ කරදෙන බවට පොරොන්දුවක් පැවත තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

කලක් ජපානයේ රැකියාවක් කර තිබෙන සැකකරු තරුණිය විහාරකර ගැනීමේ අපේක්ෂාවෙන් ඇගේ පියාට මුදල් ලබා දී තිබෙන බව ද දැනට සිදුකර තිබෙන පරීක්ෂණ මගින් හෙළිව ඇත.

සිසුවියගේ පාර්ශවය පවසන්නේ සැකකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටින බවයි. මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි අනාවරණයක් කරගත හැකි වන්නේ සිසුවිය සොයා ගැනීමෙන් පසු ඇය ලබාදෙන ප්‍රකාශය අනුව බව පොලීසිය පවසයි.

සිසුවිය තවම සොයාගෙන නෑ…

සිසුවිය සොයා පොළොන්නරුව ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර තිබෙන අතර ජංගම දුරකතනයෙන් සැකකරු ලබාගත් ඇමතුම් සම්බන්ධ වූ දුරකතන කුළුණු ඔස්සේ ඔහු සිටින ප්‍රදේශය සොයා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකගේ උපදෙස් මත දවුලගල හා ගම්පොළ පොලීසි මගින් විමර්ශන සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙති!

Next Post

බේබදු රියදුරෙකුගේ කැබ් රියේ ගැටුන පොලිස් සැරයන්වරයෙක් මරුට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.