සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු කඳවුරේ පලා ගිය 200කට ආසන්න පිරිසගෙන් විශාල පිරිසක්  අත් අඩංගුවට… 22ක් අතුරුදහන්… 02කට තුවාලයි…. 34ක් රිමාන්ඩ්

by editor
ජනවාරි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර විසි හතරවෙනිදා රාත්‍රියේ හටගත් ගැටුම අතරතුර පලා ගොස් තිබිය දී අත් අඩංගුවට ගත් රැඳවියන්  34 දෙනෙකු පොලොන්නරුව පොලිසිය මගින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු   මේ මස 31 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහි වැඩ බලන මහේස්ත්‍රාත් රුවන් කුමාර ගුණසේකර  නියෝග කර තිබේ.

හිගුරක්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති සෙසු රැදවියන්ගෙන් 25 වෙනිදා සවස් වන විටත් කරුණු සටහන් කරමින් පැවති අතර ඔවුන් හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව  ඇත.

එමෙන්ම විසි දෙදෙනෙකු හැර සියලු රැඳවියන් මේ වනවිට බාර වී හෝ   අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකන්ද පොලිසිය කියයි..

කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් සැඟව සිටි රැඳවියන්ගෙන් විසි දෙදෙනකු පුලස්තිපුර පොලිසිය මගිනුත්, විසි පස්දෙනෙකු හිඟුරක්ගොඩ පොලිසිය මගිනුත්  අත්අඩංගුවට ගෙන තිබිණි.   .

කන්දකාඩු පුනරුත්ථාපන  මධ්‍යස්ථානයේ රැඳවියන් හාරසිය අටදෙනකු පුනරුත්ථාපනය වෙමින් සිට ඇති අතර මෙම දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් දෙසීයක් පමණ පළා ගොස් සිටි අතර  ඔවුන්ගෙන් පිරිසක් 25 වෙනිදා දහවල් වනවිට වරින් වර ආරක්ෂක අංශ වෙත බාර වූහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

පලාගිය රැඳවියන්ගෙන් විසිදෙදෙනකු මේ වෙනවිට අතුරුදහන් වී ඇති බවද පරීක්‍ෂණ පවත්වන වැලිකන්ද පොලිස්  ස්ථානාපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක  සඳහන් කළේය.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැඳවියන් කිහිපදෙනෙකු සඳහන් කළේ තමන්ට මධ්‍යස්ථානයට මුලින් පැමිණ සිටින රැඳවියන් විවිධ අඩත්තේට්ටම්  සිදු කරන බවත්, ආහාර ලබාදීමේදී විසිපහක, තිහක, පමණ කල්ලියක් අලුතින කඳවුරට යොමු කරන පිරිස්වලට පහර දීමට කටයුතු කරන බවත්ය.

මෙම තත්ත්වය උඩ තමන්ගේ ආරක්ෂා පතා කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන යන බවත්, ඇතැම් අවස්ථාවලදී තමන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් ලබාදීමේදී ආරක්ෂක අංශ මගින් අඩු සැලකිලි දක්වන බවත් පලා යෑමෙන් අනතුරුව අත්අඩංගුවට පත් රැඳවියන් පොලිසියට ප්‍රකාශ කර තිබිණි.

ආහාර හා පහසුකම්  ලබාදීමේදී   එම පහසුකම් සමානව ලබාදෙන නමුත් අලුත පැමිණි පිරිස් සහ පැරණි කණ්ඩායම් අතර නිතර ගැටුම් ඇතිවීමෙන්  මෙම රැඳවියන් කඳවුරෙන් පලායාමට උත්සාහ කරන බවත් කන්දකාඩු  පුනරුත්ථාපන  මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියකු අප කළ විමසීමකදී සඳහන් කළේය..

කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර පසුගිය ජනවාරි 12 වැනිදා ඇතිකරගත් ගැටුමකින් 29 දෙනෙකු  වැලිකන්ද හා පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කෙරුනු අතර එම ගැටුම අතරතුර අනූදෙදෙනකු ද පලා ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය සම්බන්ධ අපහාසාත්මක පෝස්ට් දැම්ම අයව හොයා ගත්තා… ඔවුන් එක් පක්ෂයකට සම්බන්ධ අය… මහින්ද අමරවීර.

Next Post

නීතිවලින් ජනතාවගේ හඬ යටපත් නොකරන්න… ආණ්ඩුවේ ඔන් ලයින් පනතට ඇමරිකාව අප්‍රසාදය පල කරයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.