කීර්ති ප්‍රනාන්දු –
සී.බී.එල් ආයතනයට අයත් පොල් කිරි ප්‍රවාහනය කරමින් තිබූ දැවැන්ත කන්ටේනර් රථයක් මිනුවන්ගොඩ වෑගොව්ව පාලනය මත පෙරළී යෑම නිසා කටුනායක මහනුවර පාර මුලුමනින්ම අවහිර වී තිබේ.
රෝදයක් පුපුරා යෑම නිසා පාලනය කරගැනීමට අපහසු වූ කන්ටේනර් රථය පාර මැද පෙරළී ගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
රියදුරා හා රිය සහායකයා සුළු තුවාලයක් හෝ නොලබා බේරී ඇත.








