සූරියවැව නුවන් ජයසේකර –
සිය රාජකාරි විවේක කාලය තුළ අයිස් විකුණූ කතරගම ඩිපෝවේ රියදුරෙක් පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (18) රාත්‍රියේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාවන්තිස්සපුර, තිස්සමහාරාම පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධයෙන් කතරගම දිසා බුද්ධි සේවා නිළධාරීන්ට ලද තොරතුරක් මත කතරගම පොලිස් නිළධාරින් විසින් කතරගම බස්නැවතුම් පොලේදී මෙම වැටලිම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 510 ක් අලෙවි කිරිමට සූදානම්ව සිට තිබේ. සැකකරු තදින් අයිස් මත් ද්‍රව්‍ය භාවිතයටද ඇබ්බැහි වී ඇති අයෙකි. සැකකරු රාජකාරී විවේක කාලය තුළදි අයිස් මත් ද්‍රව්‍ය අළෙවි කිරිමට සුදානම් වු අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකල මුලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වි ඇත්තේ සැකකරුට මෙම අයිස් මත් ද්‍රව්‍ය ලබා දි ඇත්තේද දැනට වැඩ තහනමට ලක්ව සිටින කතරගම මහිලගම පදිංචි පොලිස් කොස්තාපලයෙක් බවය.
අත්අඩංගුවට පත් සැකකරු මීට පෙරද 2024.01.15 වන හම්බන්තොට පොලිස්ථානය මගින් ගංජා ලග තබා ගැනීමට හා 2014.05.03 දින වරාය පොලිස්ථානය මගින්ද අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය පිළිබදව කතරගම පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.







