කඩුගන්නාවේ නිවසක අද දහවල් තවත් ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
කඩුගන්නාව කුරුඳුවත්ත පාරේ පිහිටි එම නිවසේ ගෘහණිය ආහාර පිසීමේ කටයුත්තට ලිප දල්වා ඇති අතර ඇය එම තැනින් ඈත් වූ අවස්ථාවක මෙම පිපිරීම සිදුව තිබේ. පිපිරීමෙන් උඳුන සම්පූර්ණයෙන් විනාශ වී ඇතත් වෙනත් බරපතල හානි සිදුව නැති බව නිවැසියෝ පවසති.
මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධ සිදුවීම් විමර්ශනයට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද වාර්තාවට අනුව පසුගිය දින පහ තුළ ගෑස් ආශ්‍රිත අනතුරු 430ක් සිදුව තිබුණි. මෙම පිපිරීම්වලට හේතු ලෙස ඔවුන් ප්‍රධාන වශයෙන් දක්වා තිබුණේ ගෑස් කාන්දුවීම් හඳුනා ගන්නා මර්කැප්ටන් නම් රසායනික ද්‍රව්‍යය ප්‍රමාණවත් ලෙස නොයෙදීම සහ පැරිණි සහ ප්‍රමිතියෙන් බාල ගෑස් උඳුන් සහ උපකරණ භාවිත කිරීමය.
එහෙත් දැඩි විවාදයකට තුඩු දී ඇති ගෑස් සංයුතිය වෙනස් කිරීම මෙයට හේතු වී ඇතිද යන්න පිළිබඳව ප්‍රකාශ කිරීමට මේ කමිටුව තවත් විද්‍යාත්මක විමර්ශන කළ යුතු බව සඳහන් කර තිබුණි.







