ශ්‍රියානි විජේසිංහ –
රෝහල්වල පවතින ඖෂධ හිඟය පිලිබදව ජනතාවට අසත්‍ය තොරතුරු සැපයීම වහාම නතර කරන්නැයි විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
සතියකින් හෝ දෙකකින් ඖෂධ හිඟය මගහරවා ගත හැකි බවට අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් ප්‍රසිද්ධියේම මාධ්‍යයට ප්‍රකාශ කළ ද සත්‍ය තත්ත්වය එය නොවන බව විශේෂඥවරු අවධාරණය කරති .
මේ සතිය තුළ පවතින ඇතැම් ඖෂධ ඊලඟ සතිය තුළ හිඟවීමත් එසේ හිඟවන ඖෂධ ක්ෂණයකින් නැවත ලබා ගැනීමට නොහැකි නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය එය වසංකරමින් ජනතාව පවසනුයේ ඖෂධ හිඟය සතියකින් හෝ දෙකකින් අවසන් වන බවත් යැයි ඔවුහු පෙන්වාදෙති.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් කරන මෙවැනි ප්‍රකාශන හේතුවෙන් අසරණ රෝගීන් රෝහල් තුළදී තමන්ට අවශ්‍ය ප්‍රතිකාරයන් නිවැරදිව ලැබෙනු ඇති බවට විශ්වාස කරමින් පැමිණීමත් ඔවුන් බලාපොරොත්තුවන ප්‍රතිකාරයන් ලබා දීමට වෛද්‍යවරුන්ට නොහැකිවීමත් හේතුවෙන් රෝගීන් වෛද්‍යවරුන් කෙරෙහි දැඩි අවිශ්වාසයක් සහ පිළිකුලක් ඇතිකරගන්නා බවත් විශේෂඥ වෛද්‍යවරු පෙන්වාදෙති.
දැනට රෝහල්වල පවතින ඖෂධ හිඟය මුළුමනින්ම නැති කිරීමට කවදා හැකිවේවිද යන්න නිශ්චිතව කිව නොහැකි බවද ඔවුහු අවධාරණය කරති.
මේ බොරු කීම තුළ පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගත හැකි සහනයන් ද වැළකී යන බව රෝහල් ආරංචි ද පෙන්වා දෙයි.